.
.
.
.
.
.
.
." කෝ ඕක මෙතනින් තියල.. අර පුටු ටික ගේන්න...."
" ඔය මල් එක ඔතනින් තියන්න...."
"එනකොටම පිලිගන්න... සුහදශීලී වෙන්න ඕනෙ හරිද... බුම්මගෙන ඉන්නැතුව හිනා වෙන්න.. "
" කෝ කෝ අයියෝ ඕක ඔතන නෙවෙයි අතනින් තියන්න...."
.
දවසක නිවාඩුවකින් පස්සෙ ඉස්කෝලෙට ආවෙ වැහෙන්න යන ඉස්කෝලෙ වැහෙන එක නවත්තන්න කියල ඉස්කෝලෙන් කලාපෙට අල්ලපු ඇම බලන්න...
ඉස්කෝලෙ දක්ශයො ඉන්නවද නැද්ද කියන එක මත ඉස්කෝලයක් වැහෙනවද නැද්ද කියන් එක තීරණේ වෙන්න තරං... ඇත්තටම මට මේ අධ්‍යාපන ක්‍රමය එක්ක පුදුමාකාර තරහක් තිබුනෙ...
ඔක්කොමත් හරි ඉස්කෝලෙ ප්‍රධාන ශිශ්‍ය නායක පට්ටමක් ඔලුවට තියාපු ප්‍රින්සිපල් සර් ඔක්කොම වැඩ ටික මගෙ ඔලුව උඩින් තියල එයා එයාගෙ වැඩ...
සිගේරා මිසුයි ජයනාතයි මායි ඉතුරු වැඩ ටික බලන්න හිතාගත්තෙ අනිත් ගුරුවරුත් එනකල්.. එයාලත් එයාලගෙ වැඩ...
පුංචි බේබි..... ! එයා.... ! මගෙ බඩ බොක්ක කීරි ගැහිලා ගියා....
එදා රැයින් පස්සෙ මම පුංචි බේබිව දකින්නෙ අද....... රැයක් එලි වෙනකල් නිදි මරපු පුංචි බේබි දවසක් නිදාගන්න ඇති..
කණුවකට හේත්තු වෙලා මගෙ දිහා කට කොණින් හිනා වෙලා බලන් ඉන්න පුංචි බේබි දකින ගමනක් ගානෙ මට මතක් උනේ පැලේ රෑ....ඇඟම හිරි වැටිලා ගියා... මට ලැජ්ජයි මූණත් බලන්න... මම ඒ ඇස් වලින් මගෙ ඇස් හැංගුව...
කනුවට හේත්තු වෙලා හිටපු පුංචි බේබි හෙමි හෙමින් මං ඉන්න දිහාවට පය තියල එද්දි ඉඳපු තැනම මම ගල් උනේ කතුරත් අතට මිරිකගෙන..මගේ එහා පැත්තෙ ජයනාත.. සිගේරා මිස් පන්තියෙන් එලියට ගියෙ ඔෆිස් එකට ගිහින් එන්නං කියල...පුංචි බේබි මගෙ එහා පැත්තෙන් මේසෙට හේත්තු උනා....
" මිතිල....... " පුංචි බේබි කතා කෙරුවත් මම නෙවෙයි ඇහැක් ඇරල බැලුවෙ...
" මූණ ටිකක් බලපන්කෝ මගෙ පූස් පැටියෝ.. ලැජ්ජ වෙලා හරියනවද ම්ම්.... "
YOU ARE READING
වසත් දා ස්වර - ✔️
Romance~ නොරිකෝ... !! මේ මල නුඹට... මම නැතත් තව මල් පිපෙනවා හෙටට...~ 🌸