029🎶

297 45 45
                                    

author pov ,

මුර තැන අරං ආව ආරංචියෙන් දවස් හතකට පස්සෙ වලව්වෙ තැන තැන වගෙම පාරෙ තැන තැන එල්ලල තිබුන දිලිනි නවාංජනා මහානාම නමට ගහපු සුදු කොඩි මරණ දැන්වීම් එකින් එක ගැලවෙමින් තිබුනා..ලේ නෑ කම හන්දද මන්දා ලියද්දෙත් සුදු කොඩියක් එල්ලල තිබුන..

ආයෙමත් වලව්වෙ සුදු මැණිකෙ වලව්වෙන් ඉස්කෝලෙට යන එකක් නෑ...දහම් පාසලට යන එකක් නෑ...කොටින්ම කිව්වොත් සිහිලැල්ගෙ මගුල් තුලාවත් එතනිම්ම ඉවර උනා.

මිතිල ඇක්සිඩන්ට් වෙන්න කලින් වලව්වෙදි එලියට ආව සමහරක් කරුණු කාරණා හින්දම වලව් දෙක අතර තිබුන යන්තමින් හෝ ඉතුරුව තිබුන නෑකම් බිඳිලා ගිහින් තිබුනා..අයෝමා මැණිකෙටත් සුදු මැනිකෙටත් ලියද්ද තහනම් වෙලා...මහානාමෙ වලව්ව ලොකු වලව්ව කියල තියන් හිටපු නම එහෙම්ම ලියද්දට ගියා.

දැන් ලියද්දෙ මිනිස්සු යන්නෙ හිටියටත් වඩා උඩින්...!!

අක්කා නැති උනාය කියන හැඟීම මිතිලගෙ ඔලුවට හරි හිතට හරි ලොකුවට බලපෑමක් නොකලෙ මිතිල ඉන්න තත්වය ඇතුලෙ කිසිම දෙයක් මිතිලට මතක නැති හන්දා...

සුදු මැණිකෙගෙ මරණෙන් පස්සෙ සිහිලැල්ට වගෙම මිතිලට ගමේ මිනිස්සුන්ගෙන් ලැබුනෙ එච්චර හොඳ ප්‍රතිචාර නෙවෙයි.කොහොමත් කුණු කන්දල් කන්න හාරන්න බලන් ඉන්න බල්ලො හැම තැනම ඉන්නකොට ජීවත් වෙන්න අමාරුයි .ඒකත් මිතිලලා සිහිලැල්ලා වගෙ අයට...

" සුදු මැණිකෙ එල්ලිලා මැරුනෙ සුදු බේබියි පුංචි බේබියි හන්දා..."

ගමේ මිනිස්සුන්ගෙ කටේ තිබ්බෙම එච්චරයි...කොටින්ම වලව් දෙකෙන් එකක මනුස්සයෙක්ට කිඹුහුමක් ගියත් ඒකට වැරදි කාරයා උනේ සිහිලැල් එක්කම මිතිල...කොයි තරම් කතා අස්සෙත් සිහිලැල් මිතිල එක්ක සතුටින් හිටියා.

හත් දවසෙ දානෙනුත් පස්සෙ දවසක හවස සිහිලැල් හිටියෙ කාමරෙ ජනෙල් කවුලුවෙන් එලියෙ පේන අරලියගහෙ මුදුන දිහා.....ටික වෙලාවක් ගහ දිහා බලාගෙන කල්පනා කර කර හිටපු සිහිලැල් බැලුවෙ අවේලාවෙ නිදාගෙන ඉන්න මිතිල දිහාව...අවේලාව උනත් මිතිල සනීපෙට නිදි...දෙන්නෙකුට ඉද තිබුන ලොකු ඇඳේ මුල්ලකට වෙන්න මිතිල ගුලි වෙලා ඉන්න ගැටි දැකපු සිහිලැල්ට දැනුනෙ හිත පුරවල යන ආදරයක්..

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now