014🎶

601 77 62
                                    

කාලෙකට පස්සෙ පුරුදු තැන නිදාගෙන පුරුදු තැනින්ම ඇහැරුනු දවස... දෙයියනේ කියල හිතට දැනුනෙ පුදුමාකාර සතුටක්....



බස් එක හැප්පෙන්න කලින් උන හැම දෙයක්ම මතකෙට එන්න ගත්තම පපුව වෙනදට වැඩියෙන් ගැහෙන්න ගත්තා.....




ගෑනියෙක්ව සිපගන්න ඕනි මම මහ නුවර රොබරෝසියා ගහක් යට පිරිමියෙක්ව සිප ගත්තා...මගෙ අත ගියෙ පපුවට...පුංචි බේබි කිව්වත් වගෙ ලේ පුරපු කැලල මැකිල ගිහින්...

සති දෙකකුත් පහු උනත් ඇති උන කැලැල් අවුරුදු ගානක් පරණයි වගෙ මැකිලා ගියත් හාදුව , දත් වලට අහු වෙලා හීනියට රිදුම් දුන්න ලේ පිරුව හාදුව ඒව අද ඊයෙක සිද්ධ උන දේවල් වගෙ මගෙ පපුවෙ වම් පැත්තට වෙන්න තදට ලියවෙලා තිබුන...

මට විශ්වාසයි මැරිල ඉපදුනත්මතක මැකෙන්නෑ..!

තේ කෝප්පෙකුත් හදාගෙන මම වාඩි වුනෙ ගෙයි පඩිය උඩින්...

සති ගානක් තිස්සෙ මගෑරුනු වැඩ ගොඩයි...වත්ත මායිමට වෙන්න වල් වැදිල...අප්පච්චිගෙ සොහොන් කොත සති දෙකක් තිස්සෙ පාලු වෙලා..දවස ගානෙම සුද්ද කරල තියන් හිටපු තැන පාලුවට යන්න ඇරල කොහොමද....

තේ කහට එක බීල සීතල වෙලා තිබිච්ච අන්තිම හරිය මිදුලට විසික් කරපු මම කකුල රිදුම් දෙන එකවත් නොහිත ගියෙ අප්පච්චීගෙ සොහොනට.....මොන දේ සිද්ධ නොවුනත් අප්පච්චීගෙ සොහොන සුද්ධ කරන එක දේව කාරිය..

" කොල්ලො "සොහොන සුද්ධ කර කර හිටපු මම ඔලුව ඉස්සුවෙ කවුරු හරි කතා කරනව ඇහිල...පාරෙන් එහා පැත්තෙ ඉඳන් කතා කරල තිබුනෙ නන්දෙ මාමා.

" ඕ නන්දෙ මාමෙ...."

" මොකදෑ උඹ ඔය කරන්නෙ...."

කරන්නෙ මොකක්ද කියල පෙනි පෙනීත් නන්දෙ මාමා මොකක්ද කරන්නෙ අහද්දි පේන්නැද්ද බතල කොටනව කියල කියන්නමයි මට හිතුනෙ.ඒ උනත් මේ වගෙ හිටියා වැඩි උන්ට උනත් ගරු කරන්න කියල දුන්නෙ අපෙ අප්පච්චී..

" සොහොන සුද්ද කලා මාමෙ කාලෙකින් බැරි උනා..."

"ඒකනෙ...උඹ ඉස්පිරිතාලෙ හිටියලු නේද.."

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now