Missing

123 18 214
                                    

Continuing Someone's pov

Niki : හ්‍යුන්? මගෙ බෆල් එක දැක්කෙ නැද්ද?

බංගලාවෙ පොඩි එකා ඉස්කෝලෙ ගිහින් ආව ගමන්ම ගොඩ වුනේ සාලෙට වෙලා බලු කෙල්ල එක්ක කයියක් දාන් හිටිය ජේක්ගෙ ඇඟට.

ඇඳුම් මාරු කරගන්න කියලා කාමරේට ගිය නිකී කෝට් එකයි ෂර්ට් එකයි බැනියමයි ගලවලා දාලා ආපහු පහළට ආවෙ උඩු කයට නූල් පොටක්වත් නැතුව.

Jake : මොන වෙඩින් එකක් ගැනද අහන්නෙ නිකී? මං දන්නවද උඹෙ ඔය වෙඩින් ගැන?

ඌ එහෙම කීවෙ බිම ලයිලා එක්ක බිම දිගා වෙලා ඩෝග් හැබිට්ස් පුරුදු වෙන ගමන්.

පොඩි එකා උස නිසා උට එහෙම ඉද්දි පෙනුනෙ උගෙ කකුල් දෙක විතරයි.

Layla : බුහ් බුහ්හ්හ් !

Niki : අනේ මේ කටවහන් ඉන්නවද බලු තඩියා !

ලයිලත් එක්ක ජන්මාන්තර වෛරයක් තියෙනවා වගේ හැසිරෙන නිකී එහෙම කීවෙත් පුලාම් උපරිමෙන්ම උට ඔරවන ගමන්.

Jake : මේ මේ කොල්ලො ! අනම් මනම් කියවන් එන්න එපා හරිද !? ආසද ඉතුරු රෙදි ටිකත් ගලවගන්න මෙතනම?

ජේක් එහෙම කියලා උගෙ ආදරණීය බලු කෙල්ලව ඉම්බා.

පොඩි එවුන් අවුස්සන එකේ සීමාව හොඳටම දන්න ජේක් කවදාවත් නිකීව අවුස්සලා ඒ සීමාවෙන් නතර වෙන්නෙ නම් නෑ.

අන්තිමට ඉතින් අර පොඩි එකා මූණත් රතු කරගෙන ඊළඟට ගියේ බංගලාවෙ කුස්සියට.

මොකද කීවොත් ඒ පැත්තෙන් විසාල කෑම සුවඳක් ආව ඒ වෙලාවෙ කොල්ලා දැනගෙන හිටියා එක්කෙනෙක් කුස්සියට වෙලා ලොකු වැඩක් කරනෝ කියලා.

ඉතින් පොඩි එකා ඒ පැත්තට හොස්ස බෙල්ල එල්ලගෙන ගියා.

Niki : හ්‍යුන් ! මගෙ බෆල් එක කෝ?

නිකීගෙ සද්දෙට අරූ හැඳි ගගා හිටිය සුප් එකත් නටන්න පටන් ගත්තා.

Jay : තාම කෑම හදලා ඉවර නෑ නිකී ! පොඩ්ඩක් ඉඳහන්කො.

අතේ තිබ්බ ලී හැන්ද සුප් භාජනේට ඔබලා ඒකෙන් සුප් ටිකක් අරන් කටේ දාගන්න ගමන් ඌ එහෙම කීවෙ නිකී දිහා නොබලමයි.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now