The Hidden Man.

50 13 61
                                    

Continuing Beomgyu's pov...

වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ සීන් එකකට පා තැබුව හීසං කොල්ලට අන්තිමටම සෙට් වුනේ අහක යන කුණු ගොඩක්ම තමයි.

ඒක උගේ ලබා උපන් හැටිනෙ ඉතින්.

කොහොමහරි සිකිවුරිටි අංකල්කාරයා වගතුවක් නොදැන කෝච්ව හොයන් ගියාට ඇත්තටම වුනේ මොකද්ද කියලා දන්නෙ අර පොඩි එකා විතරමයි.

Heeseung : හේල්...? මොකද්ද වුනේ කියලා දැන්වත් කියනවද? කෝ ඔයාගෙ අනික් එක්කෙනා? එදා වගේ දෙයක් වුනේ නෑ නේද ආපහු? බය කරන්නැතුව කියහන්කො..

හීසං එහෙම කීවෙ උගෙ බඩ මැදින් හග් කරන් හිටිය අර පොඩි එකාගෙ කොන්ඩෙ අවුස්සන ගමන්.

ඊට පස්සෙ ඌ ටිකක් විතර කාම් ඩවුන් වෙලා හීසංගෙන් අඩියක් දෙකක් ඈතට වුණා.ඊට පස්සෙ ඌ ඇඳගෙන හිටිය හූඩි එකේ දකුණු අතෙන් මුලු මූණෙම තිබ්බ කඳුළු පිහදගත්තා.

Hael : සොරි හ්‍යුන්..

මූ කිසිම ගාණක් නැතුව ඒක කියපු අපූරුව...

අම්මපා මම හීසං වුනානම් ඕකට දෙකක් දීලාහරි ඇත්ත කතාව අහගන්නවා ඔච්චර හුරතල් නොකර.ඇයි යකූ කෙල්ලෙක් නම් තව කමක් නෑ.

Heeseung : ඇහ්?

Hael : තැන්ක් යූ හ්‍යුන්.

Heeseung : අයියෝ.. තේරෙන්න කියන්නකො හේල්.

Hael : මම සොරි කීවෙ ඔයාට වදයක් වුනාට.තෑන්ක් කළේ මට උදව් කළාට.

Heeseung : ආ.. ඒත්.. ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න තිබුනනෙ? ඇයි මෙහෙම අඬන්නෙ හොටු කොල්ලෙක් වගේ?

Hael : හ්ම්.. මං හොටු කොල්ලෙක් තමයි හ්‍යුන්.

Heeseung : ඉතින්.. කෝ එතකොට හොටු කෙල්ල?

Hael : එයා ගියා හ්‍යුන්.. මට ඉන්නෙ එකම එක නූනයි.

හේල් එහෙම කීවෙ ආයෙත් ඇස් දෙකට කඳුලු පුරවගෙනමයි.අනේ මංද මුංගෙ සහෝදර පස්න.

කොහොමහරි ඉතින් සිකිවුරිටි එන්න කලින් හේල්ට ගෙදර යන්න අවස්ථාවක් හම්බවුනා.මොකද කීවොත් හේල්ව එක්කන් යන්න හේසල් එතනට ආවා ඒ වෙලාවෙ.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now