I Found You.

28 9 52
                                    

Continuing Beomgyu's Pov.

කෝච්කාරයට යකා නැගලා හිටියෙ තව විනාඩි පහකින් ගේම පටන් ගන්න නිසා.ඒත් නිකියා තවම නෑනෙ.

Haezel : මොකක්??

Coach : මිනිහගෙ ෆෝන් එක වැඩත් නෑ.මොනවා කරන්නත් තව විනාඩි දහයයි ඉතුරු.

Hael : හ්‍යුන් නැති වුනොත් අපිව ඩිස්කොලිෆයි වෙයිද කෝච්?

Hana : අනේ !! එයා එයි!!

Coach : ෂිට්!

Haezel : කෝච්? සමහර විට.. එයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති.නැත්තම් එන්නැතුව ඉන්නෙ නැහැනෙ.මම නිකීලගෙ ගෙදරට ගිහින් බලන්නද?

Coach : කොච්චර වෙලාවක් යයිද හේසල්!?

Haezel : බය වෙන්න එපා විනාඩි දහයක් ඇතුළත මම ආපහු එන්න ට්‍රයි කරන්නම්.කෝච්ට පුළුවන් නම් මේක ටිකක් පරක්කු කරවගන්න බලන්න.

Coach : ලොකු උදව්වක් හේසල්.

Haezel : බය වෙන්න එපා.. හනා? හේල්ව බලාගන්න, මම ඉක්මනටම ගිහින් එන්නම්.

Hana : හරි ඔන්නි.පරිස්සමෙන් ගිහින් එන්න.

Hael : නූනා... ඉක්මනට එන්න.

අන්තිමට ඉතින් එදා හේල්ගෙ ටීම් එකේ ඉරණම තීරණය වුනේ හේසල් මත.

කෙල්ල කිව්වත් වගේම පුළුවන් ඉක්මනටම වාහනේ අරන් අලුත් ඩ්‍රයිවර්ට පිං සිද්ධ වෙන්න හීසංලගෙ ගෙදරට ගියා.ඒ යනකොටත් එහෙ මීක් සද්දයක් නෑ.

දොරත් ලොක්.

ඒ වුනාට හේසල් කෝකටත් කියලා එකපාරක් බෙල් එක ගහලා බැලුවා.

බලද්දී..

ටිකක් වෙලා ගිහින් ඇතුලෙ හිටපු කෙනෙක් ඇවිත් දොර ඇරියා.

Niki : ඔහ්! නූනා ඔයා??

Haezel : ඔයා හොඳින් නේද? මොකක් හරි ප්‍රශ්නයක් ද?? ටූනමන්ට් එකට තව විනාඩි පහයි තියෙන්නෙ නිකී.

හේසල් ගත්කටටම එහෙම කීවෙ කොල්ලා යහතින් ඉන්නවා කියලා පෙනුන නිසා.

Niki : සොරි නූනා.. මම එන්න තමයි හිටියෙ.. ඒත්..

Haezel : ඒත්?

Niki : හ්‍යුන්ව මෙහෙ තනියම දාලා යන්න බෑ.. හ්‍යුන්ට ගොඩක් අමාරුයි.ගෙදර වෙන කවුරුත්ම නෑ මේ වෙලාවෙ.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now