Where are we?

51 9 124
                                    

ටේහ්‍යුන් නිදියන් ඉන්න හැටි දැක්කම මට හැමදාම මතක් වෙන්නෙ පොඩි කාලෙ වෙච්ච දේවල්.

මම ටිකක් අමුතු කොල්ලෙක් වුනාට පුංචි කාලෙ ඉඳන් මට මගෙ අම්මටයි තාත්තටයි පස්සෙ වෙනසක් නොකරපු එකම කෙනා තමයි ටේහ්‍යුන්.ඊට පස්සෙ තමයි ඉතින් මට මගෙ කෙල්ලවයි මගෙ ගැන්සියයි සෙට් වුනේ.

Taehyun : අවුලක් නෑ.අම්මා වෙනුවට ඒ වගේ කෙනෙක් හරි ළඟ ඉන්න එක ලොකු දෙයක්.

මං එහෙම කීවෙ ටේගෙ ඔලුව අතගාන ගමන්.

ඔය වෙලාවෙ තමයි අපෙ ලොක්කයියා එතනට කඩා පැන්නෙ.ඌව දැක්කම මාත් සප්‍රයිස් වුනා මොකද ඌත් එවලෙ ඇඳන් හිටියෙ අපිට ඌ දුන්නා වගේම නිල් පාට පිජාමා එකක්නෙ.

Yeonjun : මං ඒත් බැලුවා අද සද්ද බද්දයක් නැත්තෙ ඇයි කියලා.යමන් කෑම කන්න.

හ්‍යුන් දොරට හේත්තු වෙලා ෆෝන් එකත් ඔබ ඔබ එහෙම කීවෙ ටේයි මායි දෙන්නම නිදි කියලා හිතන්.

උට ඉතින් ඔක්කොටම වඩා අර ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලන එකනෙ ලොකු.

Beomgyu : මූ නැගිට්ට වෙලාවක එන්නම් හ්‍යුන්.

Yeonjun : ඇයි මොකද්ද අවුල? දවල් මං එද්දිත් නිදියන් හිටියෙ ටේහ්‍යුන්.

එසැනින් පොර ෆෝන් එක සාක්කුවේ ඔබන් ටේහ්‍යුන් ගාවට ආවා.ඇවිත් ඇඳ කොනෙන් වාඩි වෙලා කොල්ලගෙ නළලෙන් අත තිබ්බා.

Beomgyu : මෙහෙම ගියොත් මූ මැරිලා යයි හ්‍යුන්.

Yeonjun : උඹ කලින් කියන්න එපෑ මේක තාම ඉවර වෙලා නෑ කියලා! උඹ කියන්නෙ ඒකුන් තාම අපෙ ටෙරියව බ්ලැක්මේල් කරනවා කියලද?

Beomgyu : නැත්තම් මෙච්චර හොඳට හිටපු එකාට එකපාරටම යුනිවර්සිටි එක පවා එපා වෙන්න හේතුව මොකද්ද ? වෙන දෙයක් එපා මූ පැලෙන්න ආදරේ කරන කෙල්ලටවත් කතා කරන්නෑ දැන්.

හේතුව මොකක් වුනත් එවලෙ මගෙ ඇස් ගෙඩි දෙකෙන් ක‍ඳුලක් දෙකක් පැන්නා.මොකද කීවොත් මට මගෙ අම්මව මතක් වෙනවා.

Yeonjun : ඔය ඉතින්? උඹත් පෙරන්න පටන් ගත්තද මෙතන? ඇයි යකෝ උඹලට ලොකු හ්‍යුන්ලා දෙන්නෙක් ඉන්නවා කියලා අමතකද? ඔය නසරානි පෙරේතයා මොකා වුනත් මම ඕකගෙ බෙල්ලෙන් අල්ලලා හිරේට දැම්මෙ නැත්තම් මම චෝයි යොන්ජුන් නෙවෙයි !

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now