I'll Be Better.

36 12 52
                                    

Continuing Beomgyu's pov...

ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා හොයාගන්න නම් අර කෙල්ල කීවත් වගේම මේක පොලිසියට බාර දෙන්නම වෙනවා.

කවුද ඉතින් හිතුවෙ මේක මෙච්චර සීරියස් එකක් වෙයි කියලා.

කොහොමහරි ඉතින් ඇක්සිඩන්ට් වුන අපේ කෙල්ලො තුන් දෙනාගෙන් දෙන්නෙක් අනික් කෙනා එක්ක ඒ විදියට කත වෙවී ඉද්දිම ගෙවල්වලින් එලියට බැහැලා හැටට හැටේ හොස්පිට්ල් එකට ආව මේ අයගෙ පවුල්වල අය එකින් එකා ගමනාන්තයට ළං වුණා.

මුලින්ම එතනට ආවෙ ඕරගෙ අයියලා දෙන්නා.ඇත්තටම කීවොත් ඔය කොයිකාටත් මේක ආරංචි වෙන්න කලින් මුලින්ම හොස්පිට්ල් එකෙන් කෝල් එක ආවෙ ඔය අයියාකාරයෝ දෙන්නට.

උන් ඒක ඇහුව ගමන් සුටුස් ගාලා එතනට ගියේ ඕරගෙ වගකීම උන් දෙන්නා සතු නිසා.

Chaeun : අහ්,අන්න ඔයැයිගෙ ඔප්පා ඇවිත් ඕරා.

ෆෝන් එක ඔබ ඔබ ඈනුමක් ඇරගෙනම චේඋන් එහෙම කීවෙ දොර ඇරෙන සද්දෙන් ආවෙ කවුද කියලා ගෙස් කරන ගමන්.

කෙල්ල හරි.

ඒ ආවෙ සෝනු නොහොත් පොඩි සන්වු මලයා.

අනික මේ වෙද්දි ඕරත් සිහින ලෝකෙන් පියවි ලෝකෙට එන්ටර් වෙලයි හිටියෙ.

Sunoo : ස්වීටි? මොකද්ද ළමයො මේ කරගත්තෙ??

සෝනු ආව ගමන් ඇස් දෙකේම කඳුලු පුරවන් ඕරා ගාවට ගියේ ගොඩක් දුකෙන්.

Aura : සමා වෙන්න චූටි... මං හින්දා ඔන්නිලා දෙන්නටත් කරදරේ වැටෙන්න සිද්ධ වුනානෙ.මට ගොඩක් දුකයි ඒ ගැන.

සෝනුව දැක්ක සැනින් කෙල්ල අඬන්න පටන් ගත්තා.ඇත්තටම කීවොත් ඇඬුවා නෙවෙයි.ඇඬුනා.

අන්තිමට ඉතින් ඕරගෙ චූටි ඔප්පා කියන එකාම කෙල්ලව සනසවලා ඇඬිල්ල නතර කරවගත්තෙ පොඩි කාලෙ ඉඳන් ඕක කරලා පුරුදු නිසා.

මට නංගියෙක් නැතුව මල්ලි කෙනෙක් හිටියට මමත් ඔය වගේ සීන් හොඳටෝම විඳලා තියේ.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

Sunoo : චේඋන්? යුකී නූනා ? මොනාහරි කාලා හිටියනම් හරි නේද දැන්? ඩොක්ට' කීවා කන්න දෙන්න කියලා.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now