Follow Me.

40 12 62
                                    

Continuing Beomgyu's pov...

කැහැම්..

එදා රෑ අන්තිමට ඕරලා ගාව නතර වුනේ මෙරාකියි ජීයුනුයි විතරයි.

අනික් අයත් නතර වෙන්න පොර කකා අවසරේ ඉල්ලුවට ලෙඩ්ඩු තුන් දෙනා ඒකට කැමති වුනේ නෑ.මොකද කීවොත් එයාලා හැමෝම හිටියෙ එදා දවසෙ ගොඩක් මහන්සි වෙලා කියලා මේ කෙල්ලො තුන් දෙනා හොඳාකාරවම දැනන් හිටියනෙ.

අනික මොන හොස්පිට්ල් එකේද පවුල් පිටින් ලෙඩා ගාව නතර වෙන්න ඉඩ දෙන්නෙ.

කොහොමහරි ඉතින් එදා එසාකි යූමත් එක්ක යූමගෙ ප්ලේස් එකට ගියා.මගේ කෙල්ලයි මින්ජුයි නම් ගෙදර ගියා කියලා මට කෝල් එකක් දීලම කීවා.මං අපෙ එකාගෙන් සේරම විස්තරේ අහගෙන හිටිය නිසා අවුලක් වුනේ නෑ දෙවනිපාරට මිනාහ්ගෙනුත් ඒ ටිකම අහගත්තනෙ.

එතකොට...

ෂෙරිත් තමන්ගෙ ගෙදරට ගිහින්.

ඒ අතරෙ රෑට රෑ වෙනකන්ම පොලිසි ගානෙ රස්තියාදු වෙලා ඕරගෙ ලොකු බ්‍රෝ ගෙදරට ආවෙ පාන්දර එකට විතර.ඒ වෙනකනුත් පොඩි සන්වුවා නිදි නෑ.

ඌ හිටියෙ සාලෙ තිබ්බ පුටු සෙටියට වෙලා දස අතේ කල්පනා කරන ගමන්.හැබැයි ඌ එක්ක ඒ වෙද්දි ඌ වගේම තව හැන්ඩි කොල්ලෙක් හිටියා.හැන්ඩි කීවට ඌ හුරතල් පාටයි.මොකද කීවොත් ඌ හිනා වෙද්දි අපෙ සූබින් හ්‍යුන්ගෙ වගේ කම්මුල් වල ගහෙනෝ.එහෙම වෙන්නෙ එක්තරා ලකී පීපල්ලගෙ විතරයි කියලා කතාවකුත් තියෙනෝනෙ.

Sunwoo : අහ්,උඹ කොයි වෙලේද ආවෙ?

?? : හවස ආවෙ හ්‍යුන්.සෝනු හ්‍යුන් විස්තරේ කීව ගමන්ම වගේ මං ආවා.

ඌ පොඩි සන්වුගෙ කරටත් අතක් දාන් ඌව සනසවන්න උත්සහ කළේ නිකන්න්න්න්න් බ්‍රේක් වෙලා ආයෙ යාලු වුන කපල් එකක් වගේ.දන්නැති ඉතින් මගෙ දෘෂ්ටිවිතානෙට වැදෙන්නෙම අමුතු සීන්නෙ.

ලොකු සන්වුත් ආව ගමන්ම දාගෙන හිටිය ටයි එකත් බුරුල් කරගෙන ඊට එහා පුටුවෙන් අතපය දිගෑරන් වාඩි වුනේ උගෙ ඔලුව අස්සෙ නොයෙක් ආකාර ගැටවර්ග පිරවිලා තිබුනු පසුබිමක.

ඇත්තටම ඔය ලොකු සන්වු අපෙ සූබින් හ්‍යුන්ගෙ වයසෙ එකෙක් වුනාට ඌ අපෙ එකාට වඩා හෙන දියුණු පාටයි.ඌ පොඩි කාලෙ ඉඳලම නිකන් සී ඊ ඕ පට්ටම දෝතින් අරන් ඉපදුන එකෙක් නිසා ඌ වයසට වඩා මොලේ වෙහෙසලා වැඩ කරනවා බලන් ගියාම.ඒ අතින් අපෙ ඉත්තෑ පැටියා ගෙදරට වෙලා චීස් කකා ඔහේ ඉන්නවා.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now