Continuing Beomgyu's pov...
ඔන්න ඔහෙ ඕන මගුලක් වෙන්න කියලා මම කෙල්ලවත් එක්කන් ගේ ඇතුළට ආවෙ හ්‍යුන්ලට අඳුන්නලා දෙන්නත් එක්කමයි.
Beomgyu : ගායිස්ස්.. මෙන්න නෑනා පොඩ්ඩ ඇවිත්!
කෙල්ල හිටියෙ වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව.
Yeonjun : කාගෙද? කායි? ටේ?
Kai : මගෙ නෙවේ හ්‍යුන්.
Beomgyu : ටෙරියෝ.. පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ..
ඌ කාමරේ හිටපු හින්දා කෙල්ල තවත් කම්පියුස් වෙලා ගියා.හැබැයි ඒ කොල්ලා එලියට එනකන් විතරයි.
Taehyun : ම්.. මෙ.. මෙ..මෙ-
Beomgyu : හ්‍යුන්,මේ මෙරාකි නංගි.ටේහ්‍යුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.මෙයාට තව ට්වින් කෙනෙක් ඉන්නවා.දෙන්නම ටේලගෙ වයසෙමයි.
මං ටේහ්‍යුන් වෙනුවෙන් ඒ වාක්‍ය කියලා දැම්මෙ මූ ගොත ගගහා වචන පටලගන්න නිසා.
Soobin : අහ්,වාඩි වෙන්න පොඩි නෑනා!
Yeonjun : කොල්ලා දක්ෂයි නේහ්? වාඩි වෙන්න නෑනා.. ආව එකේ කාලා බීලම යමු.
මෙරාකි අපේ එවුන් ගැන හිතන් හිටියෙ කොහොම වුනත් කෙල්ලට විශ්වාස කරගන්න බැරුව ගියා අපි එයාව මේ විදියට පිළිගනිද්දි.
සේරටම වඩා ටේහ්‍යුන්ගෙ මූණෙ තිබ්බ නිදහස දැක්කම මට ඒ සතුට තේරුම් ගියේ ඌ මගේ මල්ලි නිසා.
අන්තිමට අපි වාඩි වෙලා කතාවට වැටුනෙ හ්‍යුන්ලා දෙන්නා කිචන් එකේ ඉඳන් ඒකට පොහොර දාන අතරෙදි.
Meraki : ඔයාට දැන් කොහොමද ටෙරී..? මං ඊයෙ එන්නම් කියලා හිටියෙ ඔයාව බලන්න.ඒත්-
Yeonjun : අනේ මුගෙ කෝලම! මූව බබා කරගන්න හදන්න එපා නංගි.මොකද මූ බබා වුනොත් හැමදාටම බබා තමයි.
Taehyun : අනේ මේ හ්‍යුන්!
Beomgyu : ඇත්තට මල්ලි උඹෙ කට කොහෙද වැටිලා තිබ්බෙ මෙච්චර දවස්?
Kai : හ්‍යුන් මුගෙ සාක්කු ටික මහලා දුන්නනම් හරි හොඳට.නැත්තම් මුගෙ කට වැටෙන වැටෙන ගානට අපිට හොය හොය යන්න වෙයි.
Soobin : ඒක නෙවේ මෙරාකි නංගි... ඔයා ටේගෙ ෆැකල්ටි එකේමද?
Meraki : ඔව් ඔප්පා.
YOU ARE READING
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Romance"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්." Published :- 2024.04.23 Complete :-? Collab :- Enha,Txt,Tws,Skz