Continuing Beomgyu's Pov...
කෙල්ලො සැට් එක ඒ කතා වුනේ මේ ටිකේම අපෙ වෙන්ඩ 'දෙක නෑනයි දෙක හ්යුනුයි' එකතු වෙලා ගහපු ප්ලෑනක් ගැන.
ඔය ෂෙරී කියන්නෙ තනිකරම මුහුදට පිස්සු වැටුන කෙල්ලෙක්.ඒ වගේමයි එයාගෙ බෙස්ටි , ඕරත්.
ඒක හින්දම ඔය ඩබල ඒ කාලෙ ඉඳන්ම ස්කූල් එකේ ස්පෝට් එකක් විදියට ස්විමින්ග් කරනවා.පොඩි කාලෙ ඉඳන් ඒක කරපු නිසා දැන් ඩබලටම සී ඩයිවින්ග් කරන්නත් පුළුවන්.ඒ වගේම අයිස් ස්කේටින්ග් වගේ තව එක එක දේවල් කරන්න ඔය කෙම්ලො දෙන්නටම පුලාම්.
අනේ යකූ මං මොනාද ඒ කාලෙ කළේ කියලා හිතෙනවා මුංව දකිද්දි.මං හරියකට කළේ කැන්ටිමෙන් දෙන කෑම වේල කාලා බඩ පුරෝගත්තු එක විතරයි.
කොහොමහරි ඉතින් මේ ෂෙරියට ඕනි වුනේ ස්කූල් එකෙන් අවුට් වුන ගමන් ඕරත් එක්ක එකතු වෙලා පුංචි ළමයින්ට ස්විමින්ග් උගන්නන ක්ලබ් එකක් පටන් ගන්න.ඕරත් ඒකට තමා හීන මවන් හිටියෙ.
හැබැයි ඉතින් ඕක අපෙ දෙක හ්යුන්ගෙ සවන් වැකුන ගමන් පොර වැඩේට සෙට් වුනා.මොකද කීවොත් ඌත් ඔය ජාතියෙම එකෙක් තමයි.ඔය හිටියට පොර ඉස්කෝලෙ කාලෙ ස්විමින්ග් වලින් කප් ගහපු එකෙක්.ඌ දැන් වෙට් කෙනෙක් වුනා කියලා ඕවා අතාරින පාටක් නම් නෑ වගේ.
කොහොමහරි ඉතින් කෙල්ලො දෙන්නම ස්කූල් එකෙන් අවුට් වෙනකන් අපෙ එකා ඒ වැඩේ කරගෙන යන්නම් කියලා අලුතින්ම බිල්ඩින්ග් එකකුත් සල්ලිවලට අරන් තව ට්රේනිස්ලව පුරුදු කරවන්න අපෙ එකාගෙ යාලුවො ටික්කුත් එකතු කරන් වැඩේට දිනේකුත් දාගෙනයි තිබුනෙ.ඒක තමයි ඔය ෂෙරී ඇඹරි ඇඹරි මේ ගොල්ලවරිගෙට කීවෙ.
Sherry : හරි දැන් මොකද කියන්නෙ? ඒ අදහස ඕකේ ද?
Aura : අනේ මට නම් ඉවසිල්ලක් නෑ හලෝ..
Ezaki : හුම්.. මං වතුරට බය වුනාට ඔයාලා පීනන දිහා බලන් ඉන්න ආසයි.
Chaeun : ඔන්න ඕකට අර අරයවත් සෙට් කරගන්න ඕනිනම්.කොල්ලා සමනල ආරට දස්සයා.
Yuki : ආව් ආව්.. බලන්නකො ඉතින් අපෙ චේ හොරාට හිටියට කොල්ලා ගැන ඔක්කොම දන්නවා නේහ්?
YOU ARE READING
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Romance"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්." Published :- 2024.04.23 Complete :-? Collab :- Enha,Txt,Tws,Skz