Where we stopped,

42 10 54
                                    

Continuing Beomgyu's Pov...

ජේ පුරුස සක්තිය අරන් කෙල්ලට කන්ෆෙස් කරන්න ගියා ගියාමයි කෙල්ලගෙ තිබ්බ හදිස්සියට අන්තිමට ඒක කොල්ලට කෙල්ලගෙ කටින්ම අහගන්න පුළුවන් වුණා.බොරු කියන්න ඕනි නෑනෙ.මින් අහ්ට මම ඇත්තටම ලව් කියලා මට තේරුන දවසෙ මම කෙල්ලට කන්ෆෙස් කරන්න ගිය වෙලේ මට වුනෙත් ඔය ටිකමයි.එහෙම බැලුවම මුගෙයි මගෙයි අතරෙ එහෙම ලොකු වෙනසක් නෑ වගේ.

Jay : අපි මුලින්ම කොහෙද යන්නෙ?

කෙල්ලගෙ අතකුත් අල්ලන් කොල්ලා ඇඳෙන් වාඩි වුනේ රසදිය වැක්කුරුනු ඔලුව සෙල්සියස් අ‍ංශක සෘණ ගානකට කූල් කරගෙන.

Yuki : යන්න... ඔයත් එක්ක මට මුලින්ම යන්න ඕනි එකම එක තැනකටයි.

Jay : ම්..?

Yuki : යුනිවර්සිටි එකේදි.. එදා අපි හම්බවුන තැන.

Jay : හ්ම්.. යමු.

Yuki : ඒත්..

කොල්ලා යුකී එක්ක ඇවිදින්න යන්න කොච්චර කල් පෙරුම් පිරුවද කීවොත් දැන් මූ හිත යටින් කෑගහලා බෙරිහන් දෙන්න තරම් සතුටකිනුයි හිටියෙ.ඒත් යුකීගෙ සමහර වචන ජේටත් ප්‍රෙහෙලිකාවක් වුණා.

Jay : ඒත් ?

Yuki : මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඇත්තටම මම ඔයා ගැන අපේ ගෙදර අයට කීවට කමක් නැද්ද? මොකද.. අපේ අම්මගෙ විශ්වාසෙ කඩන්න මට බැහැ.මං මෙරාකිගෙ අක්කනෙ?ඉතින්.. අම්මා අපිව මෙහෙට එවද්දි මේ වගකීම් මටයි භාර දුන්නෙ.

කෙල්ල බොහොම සංයමෙන් එහෙම කියනකොට කොල්ලට කට කොනින් පුංචි හිනාවක් ආවෙ 'ඕක අහන්නත් දෙයක්ද' වගේ හිතුන නිසා.

Jay : එච්චර හිතන්න එපා යුකී.මම ඔයාට ආදරෙයි නම් ඇයි අපි මේක හංගන් තියාගන්නෙ? අම්මට විතරක් නෙවෙයි ඔයා ඕනිම කෙනෙක්ට කියන්න.හැබැයි මට මේ දේවල් කියන්න ඉන්නෙ මගේ මල්ලිලා දෙන්නයි හ්‍යුනුයි විතරයි.

කොල්ලා එහෙම කියද්දි යුකීට ඒ ගැන ගොඩක් දුක හිතුනෙ හීනෙකින්වත් කොල්ලගෙ හිත රිද්දවන්න හිතුවෙ නැති නිසා.මොනා වුනත් මේ කපල් එක සෑහෙන දුරදිග හොයලා වැඩ කරන කපල් එකක් වගේ.

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now