The Boyfriends.

24 7 19
                                    

Continuing Beomgyu's Pov...

අකමැත්තෙන් වුනත් හේසල් හේල්ව ගෙදර යවලා ඉවරයිනෙ ඉතින්.

ඒත් මටත් පුදුමෙ ඔය කොල්ලා ඔහෙ ගියාට එක දවසක් හරි යහතින් ඉඳියිද කියන එක.මොකද කීවොත් ඌ එහෙට වඩා මෙහෙ ඉන්න ආසයි.ඒකට හේතු ගොඩක් තිබුනා.

උට ඉස්කෝලෙ හොඳ තැනක් ලැබිලා තිබුනා.ඕනි දේකට ළඟ ඉන්න හේසල් හිටියා.රණ්ඩු වෙවී දුක සැප බෙදා ගන්න තමන්ගෙ නිවුන් සහෝදරියක් වගේ ඉන්න හනා හිටියා.එහෙම බලද්දි ඌ හිටියෙ ගොඩක් සතුටින්.ඒත් ඌ ගෙදර ගියා කියන්නෙ උට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි.ඒකත් ඒ දෙන්නට නිවාඩුවක් ලැබුන වෙලාවට විතරයි.
.
.
.
.
.
.
.
මේ අතරෙ හීසංලගෙ බංගලාවෙ සෙට් එකම හිටියෙ ගෙදර.මේක ඉතාමත් දුර්ලභ අවස්ථාවක් කීවොත් මම නිවැරැදියි නේහ්?

මුං ටික සේරම එකට ගෙදර ඉන්න එක වෙලාවක් එන්නෙ කලාතුරකින්නෙ.

Jay : දැන්වත් උඹලගෙ රණ්ඩුව නවත්තගන්නවද?

Jake : ඒකනෙ බං! මොන වෙඩින් එකක්ද මේක? එක්කො පොඩි එකා උඹ සමාව ගන්න ඕනි.නැත්තම් ලොකු එකා උඹ සමාව ගන්න ඕනි.

උන් ටික කෑම මේසෙට වෙලා ලොකු සාම සාකච්ඡාවක හිටියෙ මේ වෙනකොට හීසං එක්ක නිකියා කතා කරන්නෙ නැති නිසා.

උන් පස් දෙනත් එක්ක කෑම මේසෙ වාඩි වෙලා ජේගෙ අතින් රසට හදපු කෑම වට්ටෝරුවක්ම ළඟ තියන් කන්නැතුව මොන මගුලක් කරනවද මංදා ඉතින්.පහක් කියලා කීවෙ වැරදිලා නෙවෙයි.මිනිස්සු හතරයි එක සුනඛයයි.

Niki : මට බඩගිනි නෑ!

පොඩි එකා ගෑස් පෙන්නලා ලිස්සලා යන්න හැදුවට හීසං ඌව අල්ලගත්තා.

අන්තිමට කොල්ලා නතර වුනේ ලොකු බදර්ගෙ ඔඩෙක්කෙ.

Heeseung : උඹට බඩගිනි නැති වුනාට ඔය බඩේ ඉන්න පණුවන්ට කෑම ඕනිනෙ?

Jake : ආව්ස් අප්පා මුං දෙන්නගෙ ලව් එක බලහන්කො හ්‍යුන්? අනේ මාවත් ගනින්කො ඔඩෙක්කට...

ජේක් එහෙම කීවෙ ජේ දිහා බලාගෙන.

Jay : හා හා මේ! මට බෑ බර කරත්ත දක්කන්න!

Niki : හ්‍යුන් ආපහු බිස්නස් වැඩවලට යනවනම් මාත් එක්ක කතා කරන්න එපා!

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now