Continuing Beomgyu's pov...
හොස්පිට්ල් එකෙන් ඔබ්බට ගිහින් එමුද සුට්ටක්?
වෙලාව හවස පහ පහු වෙලා විනාඩි ගානක් විතර ඇති.මට එදා ෆොටෝ ෂූට් එකක් තිබුන නිසා සෑහෙන්න වැඩ ගොඩක් වැටුනා එදා.
ඉතින් මම ඕෆ් උනේ හතර හමාරට විතර.
ඊට පස්සෙ මං හා හා පුරා කියලා මගෙ අලුත් වන්ඩියෙන් ආපහු ගෙදර එන්න පිටත් වුණා.එදා ෂූට් එක නම් මහ අවුල් ජාලයක් හැබැයි.සෝනුවා නැති එකට ආව මේකප් ආටිස්ට් මගෙ මූණ කෑවා එදා.
මොනා වුනත් සෝනුවා විතරයි මට අල්ලන්නෙ.
කොහොමහරි ඉතින් මං එනගමන් කඩයක් ළඟ නවත්තලා අපෙ ගෙදර ඉන්න එවුන්ට කන්න බොන්න දේවල් ටිකකුත් අරගෙන යන්න හිතුවා.මොනා වුනත් උන් ටික මගේ එවුන්නෙ.අනික අපෙ කායියයි ටේයි පොඩි එවුන් දෙන්නෙක් වගේ බලන් ඉන්නවා අපි කොහෙ හරි ගිහින් එද්දි කන්න ගෙනාවෙ මොනවද කියලා බලන්න.
කන්නත් අරගෙන ඊළඟට මං මගෙ පාඩුවේ නිවස බලා පිටත් වුණා.හැබැයි මගදි සෙට් වුන මල් කඩයක් නිසා මගේ ගමනාන්තය වෙන පැත්තකට හැරුණා.
එතන එක එක වර්ගෙ මල් බොකීස් තිබුනා.මට මගේ ෆෑන්ස්ලගෙන් එක එක විදියෙ මල් හම්බුනත් මම ඒ එකක්වත් ළඟ තියාගන්නෙ නෑ.
මොකද කීවොත් මම සින්ගල් එකෙක් නෙවෙයිනෙ.මේ බොම්ග්යුවා ගන්නෙ මිනාහ් දෙන මල් විතරයි.හුම්.
දැන් මම මේ මල් කඩයක් ළඟ නතර කළේ අහවල් එකක් කරන්නද?
නෑ මම මිනාහ්ට මල් බොකියක් ගන්න නෙවේ නතර කළේ.හැබැයි මම එතනින් ලස්සන මල් බොකී එකක් ගත්තා.ඒකෙ සුදු රෝස මල් තිබුනා.තව අස්සෙන් අස්සෙන් ලැවෙන්ඩ' මල් ටික්කුත් තිබුණා.මං ඉතින් හොඳ කොම්ලෙක් වගේ ඒක අතට ගත්තෙ ඒක මිනාහ් ආසම මල් වර්ගයක් නිසා.
හැබැයි ඒක මං ගත්තෙ එයාට නෙවේ යකුනේ.
කොහොමහරි ඉතින් හා හා පුරා කියලා මං ඒ මල්බොකියත් අරගෙන කාර් එකට දාගෙන මගෙ හිතේ තිබ්බ තැනකට ගිහින් ලෑන්ඩ් වුණා.
මං ගොඩක් වෙලාවට එතනට යන්නෙ මගෙ ඔලුවෙ එක එක ප්රශ්න ගොඩක් පිරවිලා තිබුනම.ඊට අමතරව ඉතින් නිවාඩු වෙලාවටත් යනෝ අපේ ටේහ්යුන් එක්ක.මොකද කීවොත් ඒ තැන ගොඩක්ම වටින්නෙ උටයි මටයි.
YOU ARE READING
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Romance"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්." Published :- 2024.04.23 Complete :-? Collab :- Enha,Txt,Tws,Skz