Don't be shameless.

40 13 93
                                    

Continuing Beomgyu's pov...

කෙල්ලො ටික රෑ තිස්සෙත් ඇහැරන් කතා වුනේ එදා දවස ඇතුළත එක එක්කෙනාට වෙච්ච දේවල් හැටහුට හමාර ගැන.

ඒ අතරෙ මම අර මගින් අහුලගත්ත පොරවත් වලව්වෙ ගේට් එක ළඟ බස්සලා එහා පැත්තෙ තිබුන මගේ නිවහනට ගියා.

මං කාර් එක පාක් කරලා ලොකූ හුස්මක් අරන් ගැම්මෙන් අඩිය තියලා ලිෆ්ට් එකට නැග්ගා.නැගලා විසි දෙවනි තට්ටුවට ගියා.ගිහින් කොරිඩෝ එක දිගේ පා තබලා අංක  014 කියලා ගහලා තිබුනු දොර ළඟට ගිහින් පාස්වර්ඩ් එක ගැහුවා.

ඒ මගේ ගෙදර බොලව්.නැත්තම් මම කොහොමද පාස්වර්ඩ් දන්නෙ?

කොහොමහරි ඉතින් අරකුන් දෙන්නට කන්න බොන්න ටිකකුත් උස්සන් ගෙට ඇතුල් වුන මම මුලින්ම මගේ තෙමිච්ච සපත්තු දෙක ගලවලා ෂූරැක් එකට දාලා කෝට් එකත් ගලවලා හැන්ගර් එකේ එල්ලලා කොන්ඩෙත් පොඩ්ඩක් අවුස්සගෙන සාලෙ පැත්තට ගියා.

Beomgyu : ආ පොඩි බොස්? ඈ යකෝ උඹ කීයටද ආවෙ? ආව වෙලේ ඉඳන් බුදිද හෙන ගහලා වගේ?

මං එහෙම ඇහුවෙ මං එනකනුත් ටේහ්‍යුන් කලින් විදියටම පුටුවට වෙලා නිදියන් හිටිය නිසා.

Beomgyu : ටේහ්‍යුන්..?

මං ආයෙ පාරක් උට කතා කළේ උගෙන් කිසිම රෙස්පොන්ස්  එකක් නොලැබුන නිසා.

Taehyun : ම්ම්..

Beomgyu : මොකෝ වුනේ?

මං එහෙම ඇහුවෙ උගෙ කකුල් දෙක පොඩ්ඩක් එහාට කරලා ඒ හරියෙන්ම වාඩි වෙන ගමන්.මොනා වුනත් ඌ මගෙ මල්ලිනෙ.මං එපැයි ඌ ගැන හොයලා බලන්න.

Taehyun : ඔලුව පොඩ්ඩක් රිදෙනවා හ්‍යුන්.එච්චර අවුලක් නැහ්.

Beomgyu : යකෝ උඹෙ ඔලුව ඔලුවක්ද නැත්තම් කම්මලක්ද? කොයි වෙලේ බලපන් ඕක රිදෙනවා.

Taehyun : ම්..

Beomgyu : ආයෙත් උණ හදාගත්තද?

මං වැඩි හොඳට උගෙ නළලෙන් අත තියලා බැලුවා.හැබැයි උණ හැදිලා  නැති පාටයි.මේක වෙන මොකක් හරි සීන් එකක් කියලා වැටහුනේ එවලෙ තමයි මට.

Beomgyu : මල්ලි.. උඹට මං මේ හොඳින් කියන්නෙ,ප්‍රශ්නයක් තියෙනවනම් තනියෙන් වි‍ඳවන්නැතුව කියහන්.ඇයි උඹෙ කෙල්ල බූටක්වත් තිබ්බද උඹට නිදාගන්නම?

The Miracle Of A Chance Encounter || 📚 || ✔️Where stories live. Discover now