03 කොටස

120 10 5
                                    

'ඔය තව ඉස්සරහට යන්න .බෑග් ගලවගන්න .මල්ලි ඔය තව ඉස්සරහට .ආ නඟින්න නඟින්න .ඔය ෆුට් බෝඩ් එකේ ඉන්න උන් ඇතුලට වරෙල්ලා .මල්ලි තව ඉස්සරහට ඔය තව තව '

මුගේ ආච්ව්ටවු#න්න ඇයි මේ පක බරියට තේරෙන්නැද්ද මේකෙ තව ඉස්සරහට යන්න බෑ යකෝ ඒනම් ඩ්‍රයිවර් කාරයගෙ උකුලෙ තමා යන්න ඕනෙ .මේ පිස්සු හු$තාට තේරෙන්නෑ .
දවල්ට ඉස්කෝලෙ ඇරිලා පයින් එන්න පුළුවන් ඒ උනාට මේ ගිනි කාශ්ටක අව්වේ පයින් යනවා කියන්නේ කාන්තාරෙක යනවා වගේ ෆීලින් එකක් තමයි .

දාඩිය පෙරාගෙන තදවෙලා පොඩිවෙලා හුස්මත් තදකරන් ඉන්නකොට අර කොන්දා තව ඉස්සරහට යන්නලු . බෑග් එකත් ගලවල ලඟ සීට් එකේ හිටපු ලස්සන නංඟියෙක්ට දුන්නා .
මට පිටිපස්සෙ ඉන්නෙ රනුත් අය්යා .බල්ලොන්ට ගහන්න සල්ලි තියාගෙන මූ තාම බස් ගානෙ රස්තියාදු වෙන්නේ ඇයි කියන එකනම් මට තාමත් ප්‍රශ්නයක් . දවස් පහට ජාති පහක වාහන වලින් බහින්න පුළුවන්කම තියාගෙන අය්යා මෙහෙම යන එක ඇත්තටම පුදුමයි .

බස් එකේ මන් තනියෙන් එන්න ගත්ත කාලෙ ඉඳලම මන් එන්නේ අය්යා එක්ක . ඉස්සර නම් පොඩ්ඩ ඇත්නම් රනුත් අය්යේ ගාගෙන නාහෙන් අඬන් ගියාට දැන් මමත් පොඩි එකෙක් නෙවෙයි නේ තේරෙන වයසෙ . හැබැයි රනුත් අය්යට ඒම නෑ .ඌ තාම හිතන් ඉන්නේ වතුර බෝතලේ බෙල්ලෙ එල්ලගෙන නවපු ලේන්සුව කොලර් එකේ ගහල නේම් ටැග් එක ගහගෙන ඉස්කෝලෙ යන පොඩි එකා කියල .
සමහර වෙලාවට අය්යා ඕවර් කෙයාරින් කියල හිතුණ වෙලාවල් පවා තිබුණා .ඉස්සර නම් ගානක් නැතිඋනාට දැන් මේ කාලෙ එහෙම කෙනෙක් ඕනවට වඩා මාව පරිස්සම් කරනකොට මට හිතෙන්නේ ඒක නිකන් මාව පොඩි එකෙක් ගානට දානවා වගේ එකක් .නිකන් මගේ පර්ස්නැලිටි එකට ඒක නිකන් මදිකමක් වගේ .ඒ උනාට මට හිතාගන්න බෑ මේතාක් රනුත් අය්යා කොච්චර කෙයා කරත් මට එහෙම හිතිලා නෑ .සමහර විට ඒ පොඩි කාලෙ ඉඳන්ම අපි අතරෙ තිබ්බ ඒ බැඳීම නිසා වෙන්නැති .

මන් අය්යට පිටුපාලා දෙපැත්තෙ සීට් දෙකෙන් අල්ලගෙන .අය්යගෙ අත්දෙක මගෙ දෙපැත්තෙන් මන් අල්ලන් ඉන්න සීට් එකේම මට එහාට වෙන්න අල්ලගෙන .
තාම මේ හුචක්කුව ස්ටාර්ට් කරලත් නෑ .
මන් ලඟ සීට් එකේ මන් බෑග් එක අල්ලගන්න දුන්න නංඟි මන් දැක්කා දැන් තුන් හතර පාරකට වැඩිය මගෙ පිටිපස්සෙ ඉන්න රනුත් අය්යා දිහා බැලුවා .මාත් ඉතින් දැක්කේ නෑ වගේ හිටියා .බස් එකෙන් බාගෙට බාගයක් ඉන්නේ යුනිෆෝම් ඇඳගත්ත උන් .මේ කෝමත් එකහමාරම පැනල  අද්දනකොට සුවසැරියක් වගේ තමා .
රනුත් අය්යගෙ පිටිපස්සෙන් මොකෙක් හරි ගියාද කොහෙද අය්යා ඉස්සරහට උනා මන් දැන් ඉන්නේ මූට තුරුල් වෙලා වගේ .
ඒ අස්සේ අය්යගෙ පර්ෆියුම් එකේ සුවඳ නාහෙ ලඟ තියල වගේ .යාන්‍තමට අය්යගේ දාඩිය සුවඳත් එනෝ .සුවද සැක් සැක් ගඳ වුට්ටෝ . මටත් මේ කාලෙක ඉඳන් එක එක විකාර ඔලුවට ගහල මන් ඔලුව දෙපැත්තට වනලා ආපහු වීදුරුවෙන් එලිය බලාගත්තා .

fri(end)s Where stories live. Discover now