" අහපන්කො අය්යේ මම නං කියන්නේ උබලෑ සෙක්ශන් එකටම සෙත් පිරිතක්වත් කියවපන් . "
' ඒ මොන මඟුලකටද බන් ? '
" දැන් බලපම් දෙව්මිත් අය්යේ මේ අවුරුද්දෙ ගෙවුණ ටික කාලෙට උඹලගෙ සෙක්ශන් එකේ කොල්ලොම දෙන්නයි . "
" වඳුරො අහපන් !! "
' අහන් තමයි හුත්තො ඉන්නේ . '
" මම නම් කියන්නේ උඹලට වස් වැදිලා ."
' කාගෙන් වස් වදින්නද බන් ...... හේශාන් මල්ලි තව ටිකක් එහාට පලයන් මාව ලිස්සනෝ ... '
" නෑ උබලගෙත් අලි ඔලුවනේ පුපෙන්නේ යන්නේ උඹලා . ඒම යනකොට නලියන උන්ගෙ වස් වදිනවා ."
' සමයන් ...මේ මල්ලේ ඔන්න ඔයි පහත් උන අත්තෙන් ඉරට්ටක් කඩලා දියන් . '
ග්‍රවුන්ඩ් එක කොනේම තීන කොට්ටම්බා ගහේ මුල් වල වාඩි වෙලා අපි සාකච්ඡාවට ලක් කලේ උසස්පෙල විද්‍යා අංශෙට වෙච්ච දේ ගැන .
පහලම මුලේ සාලිය ...මුල කිව්වට ඒක ඉතින් බිම කිව්වට වෙනසක් නෑ .
පැත්තේ මුලේ මමයි අස්සයයි දෙව්මිත් අය්යයි .
රනුත් අය්යා හෙටලු ආපහු ලංකාවට එන්නේ .අර අයි සී යූ ඉඳපු එකාව වැඩි දුර ප්‍රතිකාර වලට කියලා කැනඩා අරන් ගියාට ගිහිල්ලා පැය ගාණකින් එයා නැතිවෙලා තිබ්බා . එපාර හදිසියේම වගේ රනුත් අය්යා පොලිස්පතිතුමා එක්ක ගම රට දමා ෆියුනරල් එකට ගියා .ලංකාවේ එකාව ලංකාවෙ වල නොදා කොමහරි කැනඩා පොලවේ භූමදාන කරන්නලු ඇමතියට ඕන වෙලා තීන්නේ .
ඔය ගෙවුන දවස් ටිකට හොට්ම නිවුස් ඔච්චරයි .
ආහ් තව මට වෙනදා හම්බෙන වගේ ලව් ලෙටර් එකක් හම්බුනා .මට නෙවේ අපේ රනු අය්යට දෙන්න කියල මට හම්බෙන ඒවා .රනුලිගේ හුටපටෙත් සැලකිය යුතු තත්වෙක තීනවා .තීනවා කිව්වේ ඉතින් තාම අපි යාලුවො ! කියලා හිතන් කතා කරන්නේ .ඒ උනාට ඉතින් අපි කෑවද බිව්වද මොකද කරන්නේ අනං මනං ඒවත් අහනවා ඉතින් .......
රනුත් අය්යා නැතුව පාලුයි . හෙටට ගිහිල්ලා දවස් තුනක් වෙන්නත් එනෝ .
ශෙරීනා අක්කත් අය්යා නැති නිසාද මන්දා ඉස්කෝලේ නෑවිත් ඉඳලා අද ඇවිල්ලා හිටියා මන් දැක්කා .
YOU ARE READING
fri(end)s
Fanficතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...