05 කොටස

274 11 6
                                    

" අය්යේ උඹ මොනවත් නොකියා ඉන්නෙපා. අඩුම  මොනා හරි කියනවා උනේ මොකක්ද උනේ නෙවෙයි මොන වගේ දෙයක් නිසාද උඹ ආවේ කියලවත් .පුළුවන් විදියට උදව් කරන්නවත් උඹ කියන්නේ නෑනෙ . "

එලියෙ බංකුවේ වාඩිවෙලා අපි දෙන්නම අහස දිහා බලන් ඉන්නවා .

මේ යකා ආවා කඟවේනා වගේ බදාගත්තා .මේම ඉන්න දියන් කිව්වා. මන් හිටියා . කොටින්ම මගෙ අත හිරිවැටෙනකන් මන් මූගෙ ඔලුව අතගාවා .

' උඹට අර වලාකුල පේනවද ? '

" මොන අර අපෙ අම්මාගෙ ඇන්තූරියම් පැල ලඟ තීන එකද ? "

' මනුත්ම '

" මොකද යකෝ මනුත්ම තමා .ඇයි ඕයි බලනවා වලාකුළු විතරයි ආසේ තීන්නේ උඹ වලාකුලක් දැක්කද අහනකොට අර සර්පයා දුටුවාද වගේ ඇහුවම දුටුවා කියන්න තිබ්බා ආසේ එක වලාකුලක් තිබ්බනම් රෙද්ද . "

' බලනවා අර ලා කලු පාට එක . '

" ආහ් ඉතින් ඒක වැහි වලාකුලක් .උඹ කාලගුණ වාර්තාවක් කියන්නද යන්නේ ."

' ඒක මොකක් වගේද පේන්නේ ? '

අම්මාපල්ලා මූ එක්ක බෑනෙ කරන්න .අහවල් එක වගේ පේනො කියන්න තිබ්බා මූ වෙන මූඩ් එකක හිටියනම් .
කරුමෙට මූ මේම එකපාර එන හැම පාරම ඔය වගේ .
ඇත්තටම උදේ උන දේවල් එක්ක මට වෙනදට වඩා බයක් දැනුනා .අය්යගෙ මේ හැසිරීම එක්ක .

හැබැයි මේක මෙහෙම උන පලවෙනි පාර නෙවේ .කලාතුරකින් දවසක් දෙකක් මෙහෙම වෙලා තීනවා .
ඒ දවස් දෙක තුනේ උනත් අය්යගේ මූනෙ එහෙම දවස් වල පේන විදිය එක්කම බර උන ඇස් අදත් මට ඒ විදියටම පේනවා .

නොකිව්වට මන් දන්නවා අය්යගෙ ගෙදර ප්‍රශ්න තීනවා කියල .අඩුම මේ හිකනල් පැටියා මාව චප්ප වෙනකන් බදන් ඉන්න නිසාවත් මූට මට මේවා කියන්න හිතෙන්නැද්ද මන් අහන්නේ .

අය්යා අඩුම එයාගෙ යාලුවොන්ටවත් ඕපන් නෑ කියල මම් දන්නවා .එයා කතා කරත් වැඩිපුර කතා කරන්නේ දෙව්මිත් අය්යා එක්ක ඒම නැත්නම් මට .

මේකා මෙහෙම ආව වෙලාවට ගොඩක් වෙලා මන් එක්ක ඉඳලා කිසී දෙයක් කතා නොකර කල්පනා කරලා මහ විකාර කලාවට බර උන දාර්ශනික ටෝකක් දීලා යනෝ .

fri(end)s Where stories live. Discover now