" අල්ලලා ගනින් ජනා ~ ""' යෝව් කොටුව කොටුව පිට කොටුව
එකසියතිස්අට මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්ධෙට පොර පිටිය
තැලිල තැලිලා පොඩිවෙලා කැරකිලා
තෙරපිලා යන මේ රයිඩ් එක විදල විදල පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට
හතයි තිහමනූ ~ "'
' බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ සුළගේ පාවී මගේ කියාවී
ඇසුණොත් එනවාද සොඳුරියේ මගේ 'ඒක කියද්දි නම් කොහේද තිබ්බ කෝලෙකට මටත් හිනා ගියා රනුලි මතක් වෙලා .අපේ උන්ට ඊට වඩා දෙයක් නෑ .
* ආආආආව් රනූ ~ මනූ රනූ මනූ ~ *
' හා ඇති ඇති ඕම කෑ ගහලා පිනා වඩී . '
ඔහ් ලියතඹරා මුදු කුසුමකී ඈ ~
මේ දවස් ටිකේම අම්බානෙට වහින හින්ඳා ගමනාගමන අපහසුතා නිසා ගුරුවරු පන්ති වලට යාගන්න අමාරුවෙන් ඉන්නේ .අපේ උන් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් ගිරිය කඩාගෙන කෑ ගහල සිංඳු කියනවා .
සිරාම කිව්වොත් මගෙ උගුරෙන් දැන් ලේ රහත් එනෝ .කපල් වලටත් එලියට යන්න බෑනෙ උන් ඇතුලෙ ඉඳන් පෙම් කෙලිනො .
පන්තියේ කම්බි පැත්තෙන් හිරිකඩ එනවා හුලඟ නිසා .ඩෙසුත් මෙහාට කරන් ඔක්කොම ඩෙස් එක ගොඩේ කොහොමත් දැන් උගන්නන්න ආවත් ඒකට සුදුසු වාතාවරණයක් නෑ .
අමුතුවෙන්ම වාතාවරණය නිර්මාණය කරගන්න ඕනේ .ටෝක් කරගන්න ඕන උන් කෑලි වලට ටෝක් කරනවා අපි ගිරිය පලාගෙන සිංඳු කියනවා .
අස්සයා කොස්ස අරන් සාලිය ඉදල අරන් මොක උනත් සිටුවේශන් එකේ හැටියට ඒවා ගිටාර් තමා .
මගේ අතේ හැමදාම තීන කාලම තැලිච්ච පෑන් බට දෙක .
ඔහෝම නිදහසේ අපි ෆ්‍රී ශෝක් එකක් කරන් ඉන්නකොට තමා වැස්සේ හෙණයක් ගැහුවේ .
පිනා තඩි කුඩේකුත් අරන් සංචාරයේ යනො. අම්මපා මූට මේ හිතලේවත් විනය දෙකට දාගන්න බැරි හැටියක් .මන් හිටියෙ ඩෙස් එක උඩ කවීශයා ඩෙස් එක උඩ හිටගෙන .
ඔක්කොටම හික් ගෑවෙන්න නොසිතූ වෙලාවේ වෙච්ච හදිසි ආගමනය නිසා අපි හැමෝම අන්තිමට නතර උනේ පිනාගෙ ඔෆිස් එක ලඟ .
YOU ARE READING
fri(end)s
Fanficතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...