' ප්රණීපා නම් ලිස්ට් එක ආයිම චෙක් කල්ලා බලලා කියන්න ඔක්කොම ලියාගෙනද කියල ? කවුද අඩු කියල ආපහු ගණන් කල්ලා බලන්න .'
බස් එක ඇතුලෙ එක කාලගෝට්ටියක් . ජූනියර්ස්ලා නිසා තමයි වැඩිපුරම ඉතින් . ප්රනීපා එක පාරක් ගණන් කල්ලා දෙවනිපාරත් ආයිම ගණන් කරන්න උනේ නිල් කොට කලිසම් කොල්ලො මෙහා පැත්තෙ ඉඳලා ආයි ඇහිපිය ගහන පමාවට අනිත් පැත්තට පයිනවා .
* අක්කෙ මේක අම්මා දෙන්න කිව්වා *
" මොනාද බබෝ තීන්නේ ? "
* පීනට් *
" අනේ හරී කෝ දෙන්න මන් ඉස්සරහින් තියන්නම් .හොඳ බබා වගේ වාඩිවෙන්න . අර හිරණ්‍ය ලඟින් වාඩි වෙන්න . නැත්නම් අර මනුත්ම අය්යා ළඟින් වාඩිවෙන්න මල්ලි බබෝ . "
කෝමහරි නිදිමත බේරෙන ගමන් ඉඳිය මනුත්ම ගාවින් අර බටු ඇටයක් තරම් හිච්චි කොල්ලා ඉඳගත්තම තාම ඒසී ඔන් කල්ලා නැති බස් ඒකේ වීදුරුවක් ඇරන් බෙල්ල එලියෙ දාගෙන කාවද හොය හොය ඉඳිය මනුත්මත් ආපහු ඔලුව ඇතුලට දාගත්තා .
* දිනරු අය්යේ *
" ම්ම්ම් කියන්න....ඕම ඉන්න මොකක් කියලද කිව්වේ දිනරු ? මේ පොඩි එකා මගෙ නමෙ ඉතුරු කෑල්ල දන්නේ කෝමද ? "
* අර ලොකු ප්‍රිෆෙක්ට් අය්යා දවසක් කියනො ඇහුනා . *
" උගෙ අප්පට "
* මොකක්ද අය්යේ කිව්වෙ ? *
" නෑ නෑ මුකුත් නෑ "
* මට ජනේලෙ ළඟ දෙන්නකෝ *
" ජනේලෙ තීන්නේ ගෙදර බබෝ . කොහොමත් දැන් මේක ඇරගෙන යන්න බෑ මේක වහලා මෙන්න මෙතන තින කර්ට්න් එක දැම්මම ඔය බබාට එලිය බලන්න බෑ . ම්ම්ම්ම්ම් ඒක නෙවේ ඔය් බබාට එහා සීට් එකට යන්න බැයිද මේකට අර ඔයාලගෙ ලොකු පිපෙට් අය්යව වාඩි කරගන්න ඕනෙනෙ . "
* අනේ එයාට හිරණ්‍ය ගාවට යන්න කියන්නකෝ . *
' මීස් ~ රනුත් අය්යා විතරයි අඩු අපේ අය හැමෝම ඉන්නවා . '
පොඩි බටු ඇටේ එක්ක කතාවෙ ඉන්නකොට මනුත්මට ඒ තත්පර ගාණකට අමතක උන ඒක ආයිම මතක් වෙනකොට හිත ඇතුලෙ මහ කලබලයක් දැනෙනකොට අර ඇරුණ වීදුරුවෙන් ඔලුව එලියට ඔබාගත්තා .
YOU ARE READING
fri(end)s
Fanfictionතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...