මට කේන්තියටයි දුකටයි බයටයි තුනටම හය්යෙන් අඬාගන්න ඕනෙ .ඒත් උගුර හිරවෙලා වගේ .
දෙව්මිත් අය්යා කෝල් කරනකොටත් මන් හිටියේ ඇඳේ හාන්සි වෙලා රනුත් අය්යට හිතින් බනින ගමන් .ඒත් සත්තයි දෙය්යනේ ඒ වෙලාවේ කේන්තියක් තිබ්බත් මන් අය්යට නරකක් වෙන්න හිතුවේ නෑ .යන්න කලින් අය්යා කිව්ව දේවල් එක්ක මන් ඔලුවත් අවුල් කරන් ඉන්නකොට දෙව්මිත් අය්යගෙ කෝල් එකත් එක්ක මගෙ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ .
තාත්තා එනකන්වත් ඉන්නැතුව මන් ගෙදර ඇඳන් හිටිය ඇඳුම පිටින්ම වීල් එකක නැගලා හොස්පිට්ල් එකට ආවා .
මන් දන්නෑ වෙන්නේ මොනාද කියන්න මගෙ පපුව නොසෑහෙන්න බයෙන් ගැහෙනවා .
පහළම වෝඩ් එකේ ඉඳන් අය්යා ඉන්න වෝඩ් එකට එන්න නඟින පඩියක් ගාණෙම හිතට එක එක දේවල් මැවෙනවා .වේගෙන් පඩි නැඟලම මට හති පාස් වෙන හැම ඇඳක් දිහාම බැලුවත් අය්යා ඉන්න තැනක් හොයාගන්න බැරි උනා .
මන් ටික දුරක් යනකොට හම්බුනේ කොහෙත්ම හම්බෙයි කියලා බලාපොරොත්තු උන කෙනෙක් නෙවෙයි .අදත් උඩ බොත්තම් දෙක ඇරපු කමිසෙට හීනි රත්තරන් පාට බෝඩරයක් තීන සුදු සරමක් එක්ක මට මූණටම හම්බුනේ ජීවා අය්යව .
කාසි වත්තේ ජීවා !
මන් නම දැනගත්තේ ගිය සතියේ නිවුස් වලින් .මේ මනුස්සයා වෝඩ් එකේ ඉන්න හේතුවක් මන් දන්නෑ .ඒත් මගෙ හිතට නම් හොඳක් දැනෙන්නෑ .
අඩියෙන් අඩිය ලං වෙනකොට මන් දුර තියා එයාලව අඳුනගත්තට එයාලා මාව ප්ස්සේ අඳුනගත්තේ .මන් හිනාවක් නොවන හිනාවකට ලාවට තොල් ඇදගත්තා .
' මන් ඒත් බැලුවා මොකද පරක්කු කියලා . ම්ම් අපි ගිහින් එන්නම්කො . ඔයාගෙ යාලු අය්යට කියන්න මීට වඩා පරිස්සම් වෙන්න කියලා මොකද හැම වෙලේම අපිට කොටි පැටව් පරිස්සම් කර කරම ඉන්නත් බෑනේ ම්ම්ම්ම් . යන්නම් මල්ලි ඉන්ස්පෙක්ටර් මහත්තයව මතක් කලා කියන්නකෝ . '
මට කතාකරන්න ඕනෙ උනාට උගුර හිරකරන් ඉන්න ඉකිය නිසාද මන්දා අඩුන රනුත් අය්යට කොහොමද කියලවත් නාහා ඒ මනුස්සයට ඔලුව වනලා මන් එයාගෙ පිටිපස්සෙ හිටිය මිනිස්සු දිහා නොබලම එතනින් එන්න ආවේ ඔලුව ඇතුලෙ ප්රශ්න දාහක් ඉතුරු වෙද්දී .
ටික දුරක් යනකොට මන් දැක්කා රනුත් අය්යව . මට මන් ගැන විශ්වාසයි .මන් කිසිම දවසක මෙච්චර බය වෙලා නැතුවැති .මොකද දෙව්මිත් අය්යා කෝල් කල්ලා අය්යා හොස්පිට්ල් එකේ ඉන්නවා කිව්වා විතරයි .එතනින් එහා වචනයක් නොකිව්ව නිසා මන් හිටියේ නොසෑහෙන්න බයෙන් . අඩුම මොකක්ද උනේ කියලවත් නොදැන හොස්පිට්ල් එකට දුවන් ආවේ අය්යව ඇස් දෙකෙන් බලන්න ඕනෙ කමට .
YOU ARE READING
fri(end)s
Fanfictionතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...