04 කොටස

110 12 4
                                    


" මේමයි මචං ඒම එකක් ඇතිවෙන්න කලින් හිතට දැක්ක ගමන්ම මුලින්ම පොඩි මෙව්වා එකක් වෙනවා ."

' මෙව්වා එකක් කිව්වේ ? '

" නිකන් මචං ~ පපුවෙ එක~ම එක තැනක පුංචිම පුංචි කුරුලු පිහාට්ටකින් හෙමී~ට අතුල්ලනවා වගේ සීන් එකක් ."

' දැන් උඹ ඕම තක්කෙටම කියන්නේ උඹට ඒම එකක් කලින් වෙලා තීනවද ? '

" වුකනවනෙ තොට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ .අහන් ඉඳපන් නැත්නම් පලයං බේසිකයා .
උඹල අහපල්ලකෝ .
හරිද දැන් ඒම එකක් දැනුනට පස්සේ හිත ගත නිකන් පාවෙනවා වගේ සීන් එකක් වෙනවා .පස්සේ පස්සේ එකිව දකින්න ආස වෙනවා ඊට පස්සේ කතා කරන්න ආස හිතෙනවා ඊට පස්සේ අතින් අල්ලන්න හිතෙනවා ඊට පස්සේ ම්හ් "

' ආ ආ ආ ආ ආ ආ බලාගෙන ඔය සිමෙන්ති පොලව හිල්වෙයි .පිස්සු හු#තා . '

"" මේහ් අහපන්කෝ අර අලුතින් ආව ඉංග්‍රීසි මිස් ""

' ඉතින් ඉනද ? '

"" ඩේ ඩේ ආමා . ගත හැක මිටින නේ බන් .ඇයි බන් අපිට විශයන් ඔක්කොටම ඉන්න මිස්ලට ඒ වගෙ ලස්සන කඳක් නැත්තේ . ""

' හැබැයි බන් ඔය මොනා තිබ්බත් නිසංසලා මිස්ගෙ මරියානා ආගාධෙට උඩින් යන්න බෑ මචං '

ඉතිහාසෙ පීරියඩ් එකට පස්සේ තිබ්බේ පීටී .අපෙ උන් කියන විදියට ඉතිහාසෙ උගන්නන සර් ඉන්නවනෙ එයාට උදේට නෝනා තේකට පොතේ තීන ටික ටික දිය කරලලු දෙන්නේ .ප්‍රාග් ඓතිහාසික මානවයා කියල පොරට කියන්නේ .හැබැයි බොක්කෙන්ම උගන්නවා .කුසුමාසන දෝණි ඇන්ඳගෙන් පාඩම ඉවරවෙලා රෙකෝඩ් බුක් එක් සයින් කරල සර් එලියට ගියාම අපේ උන් රාජකීයයන්ගෙන් පටන් ගත්ත කාන්තා වර්ණනාව විසිඑක්වෙනි ශතවර්ශෙ වෙනකන්ම ඇදන් ඇවිල්ලා .
මේමයි පන්තියේ ගත්තොත් පිටීම පස්සෙ පේලියේ එහා කොනේම ඉන්නේ මන් .ඊට පස්සෙ අස්සයා ඌට එහා පැත්තේ සල්ලාලයා ඌටත් එහා පැත්තේ

හිස් පුටුවක් .

ඒකට එන්න තරම් සුදුසුකම් තීන එකෙක් තාම හොයාගෙන නෑ .
කෝම හරි අපිට ඉස්සරහ පේලියේ කොනේ සිට පිලිවෙලට රකිත දිදුල පවන් දිදුල්  .අනුවර්ත නාම ඉදිරියේදි බලාපොරොත්තු වන්න .

fri(end)s Where stories live. Discover now