10 කොටස

120 13 8
                                    

කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා

ඒ රිදුම් නිවී මා හදේ
___ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා

ලාවට මුමුණන ගානට ඇහෙන පද පේලි වල අතරමං වෙලා
සිමෙන්ති මාලිගාවක් ඇතුලෙ පෙනහලු පිරෙන්න සැනසීමෙන් හුස්ම අල්ලන්න පුළුවන් එකම තැන මං එකම ඉරියව්වෙන් ඉඳන් පෝලිමට වැහුන ජනෙල් වීදුරුවට හාදු දීගෙන යන වතුර බිංඳු දිහා බලාගෙන ඉන්නවා .

ඒවා වැහි බිංඳු කිව්වට අහස කේන්ති අරන් සද්දෙට ඉඳල හිටලා කෑ ගහලා කියනවා නෑ ඒ ආදර බිංඳුලු !

ආලෝක වර්ශ ගාණක් නොඋනත් අහස පොලව අපි හිතනවට වඩා ගොඩක් ඈතයි හැබැයි අහස ආදරෙයි කියලා පොලවට කියන්න ලෝබ නෑ .

පොලවට දරාගන්න බැරි තරම්
මහා ලොකු ආදරයක්
බිංඳු බිංඳු මහ ගොඩාරියක් ඇතුලෙ
හංඟලා එවනවා . ආදර බිංදු !!

පොලව හම්බුණ ගමන් හය්යෙන් ආදරෙයි කියල කියනවලු ..

ඒත් මට අහසෙන් අහන්න තීන්නේ උඹට බය නැද්ද බන් ඔය හැමදේම දරාගන්න පොළවට උබේ ආදරේ බර
දරාගන්න බැරි වෙයි කියලා  !

උබේ ආදරේ බය නැතුව කියන්නේ ප්‍රතික්ශේප වීමක් ගැන අංශුමාත්‍රෙක බයක් උබට නැද්ද !

හැමදාම වගේ අදත් එයා නිහඬයි .හැබැයි එයා තාම පොලව එක්ක ආදරේ ගැන ලොකු කතාවක .

දුම් දදා තිබ්බ කෝප්පෙත් මහන්සියට වෙන්නැති හැලහොල්මනක් නැතුව ඔහේ ඉන්නවා .

මටත් දවසක හති වැටෙයිද ?

නෑ .

විශ්වාසද ?

හ්ම්ම් .මටත් වඩා මගේ ආදරේ ගැන මට විශ්වාසයි  .

මන් දැන් මාත් එක්ක කතා කරන්න අරන් ගොඩක් කල් . සමහරු කියනවා පුරුද්දට යයි ලු .
සමහර අය කිව්වේ අර හැඟීම් හුස්ම ගන්න තැන ගැන බලලා බෙහෙත් දෙන අය .

සීතල හින්දා කර්ට්න් රෙදි තනි නොවෙන්න නැම්මෙන් නැම්ම මන් එක ලඟට ලං කරා . දැන් මෙහෙම කෙලින් බලල පහල බැලුව ගමන් තණකොලත් පේනවා .

fri(end)s Where stories live. Discover now