ක්රිකට් මැචස් වලින් අපේ හවුස් එක තර්ඩ් ප්ලේස් එකේ ඉඳලා සෙකන්ඩ් ප්ලේස් ඇවිල්ලා තිබ්බා .මීට් එකට තව දවස් හතරයි තීන්නේ .හෙට හවුසස් හදන්න නතර වෙන්නත් වෙනෝ ඇයි අර අස්සයා කියන එකා කඩුල්ල කඩාගෙන හවුස් කැපා වෙලානෙ .උගේ පරිප්පු අපිත් අනාගෙන කන්න ඕනේ.
ඊයෙත් නංඟි කලන්තයක් අල්ලා කලින් ගෙදර ගිහින් තිබ්බා .මුලින් නම් මට පණිවිඩේ එවනවා නංඟි අසනීප වෙලා කියල හැබැයි ඉතින් පස්සේ පස්සේ ඕක නිතර වෙන්න ගත්ත නිසා එයාගෙ පන්ති බාර මිස් කෙලින්ම ගෙදර යවනවා .
මීඩියා එකෙන් ග්රවුන්ඩ් එකේ ගහපු හට් එක යට පිටිපස්සෙම පේලියේ ඉඳන් මන් ඩ්රිල් එක ප්රැක්ටිස් කරන එක දිහා ඔහේ බලාගෙන ඉන්නකොට මට එහාපැත්තෙන් මොකෙක් හරි වාඩි උනා .
"' මල්ලි මොකෝ කල්පනාව . උඹට වැඩක් නැත්තං මාත් එක්ක පොඩි ගමනක් යන්න වරෙන් . "'
" කොහේද ? "
"' නැටුම් කාමරේට "'
" අර මොකටද ? "
"' මේ පාර සරඹ ප්රැක්ටිස් කරන මිස්ලාගෙ නම් ටික අරන් එන්න ."'
" අනේ බං අය්යේ උඹ පලයන් මට බෑ ආයි ඕක අස්සේ එන්න. "
"' වරෙන් වරෙන් මන් බලන් හිටියෙ උඹ මෙතන ඉඳන් ඈනුම් දහයකට වැඩිය කට ඇරියා . "'
" උඹ මඟුලටද මන් දිහා බලන් හිටියේ ."
මාත් කම්මැලි නිසා නැඟිටලා ආකාශ් අය්යා එක්ක එන්න ආවා .
"' පුහ් වැඩේමයි තෝ දිහා බලන් ඉන්න .මේ ඒක නෙවේ රනුත් ශෙරීනා එක්ක සෙට්ද බන්. "'
" මන් කොහොමද ඒවා දන්නේ .ඒක උබ උගෙන් අහපන් . "
"' ආය් ඇයි යකෝ උබේ මිනිහා වගේ නේ ඌ ඉන්නේ . උඹ දන්නැත්නම් කවුද දන්නේ ......ටසිරි මූ නම් මැරෙන්නෑ . "'
ඉස්සරහ බැලුවම මන් දැක්කේ ෆයිල් එකක් පෙරල පෙරල මූ එනවා. අරකෙ සිහියෙන් ඉන්න නිසා අපිව දැක්කේ නෑ .
ආකාශ් අය්යා මාවත් ඇදන් රනුත් අය්යගෙ ඉස්සරහට පැන්නා .මොකාද පැන්නේ බලන්න ඉස්සරහ බලල මගෙ මූන දිහා බලලා ආකාශ් අය්යගෙ මූණ බලලා ආපහු මගෙ කරේ තීන උගේ අත දිහා බලල මගෙ මූණ දිහා බැලුවා .පකද සිරිමතෝ බලන්නේ .
YOU ARE READING
fri(end)s
Fanficතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...