"' මාව තුරුල් කරගන්නකො "'
රනුත් අය්යගෙ පපුවට මූණ තද කරල මන් ඇස් දෙක පියාගත්තා.
"' ම්හ් අනේ ඉස්සරහ වගේ තදට බදාගන්නකෝ අය්යෙ "'
"" ම්ම් ""
රනුත් අය්යා මගෙ වටේ තිබ්බ අත් තව තද කරලා මාව කලින්ටත් වඩා තදට පපුවට තියල තුරුල් කරගත්තා .
"' ඔයා ලඟ සනීප සුවඳයි ."'
"" ගෙදර යන්නැද්ද ""
"' අය්යේ "'
"" ම්ම්ම් ""
"' ආයි මෙහෙම ඉන්න දෙන්න එපා මට."'
"" ඇයි ? ""
"' මට හිතෙන්න ඕන්නැති වැරදි ඒවා ගොඩක් හිතෙනවා .මන් ආස නෑ එහෙම වෙනවට . එතකොට මෙන්න මෙතන අමුතුවට රිදෙන්න ගන්නවා .හුස්ම ගන්නත් අමාරු වෙනවා .පපුව අතගෑවත් රිදෙනඑක නවතින්නෑ ."'
"" මන් ඒක සතුටු හිතෙන දෙයක් කියල ඩයරි එකේ ලියන්නද ? ""
"' එපා එපා හ්ක් ඒකට දුක හිතෙන්න ඕනෙ . "'
"" ම්ම්ම් ආයි නොකර ඉන්නම් . ""
"" ඇයි කිව්වෙ පපුව රිදෙනවා කියල මන් බය උනා ."""' ඔයා ඇත්තටම බය හ්ක් ^ උනාද .
මට දුක හිතුනා .ඇයි මන් අඳුනන කෙනෙක් කියල කියන්නෙ . මන් ඊට වඩා කෙනෙක් නෙවෙයිද ? "'""ම්ම් ඊට වඩා කෙනෙක් නිසයි අඳුනන කෙනෙක් කියල කිව්වේ . මට උබව පරිස්සම් කරගන්න ඕන නිසා .""
"'^ හ්ක් "'
"' සුදු අය්යේ හ්ක් හේශාන් කෝ "'
"" ගෙදර ගියා මතක නෑද්ද ""
"' අපි කොහෙද යන්නෙ ."'
"" කොහෙද යන්න ඕනෙ .""
"' මට ගෙදර යන්න බෑ ."'
"" තාත්තගෙන් බැනුම් අහන්න වෙයි ""
"' කියන්නකෝ කෝල් කල්ලා මාව එක්කන් යනවා කියල '''
"" කොහෙද ? ""
"' ඔයාලහ "'
"" ම්ම් . ආයි සුදු අය්යා කියන්න එපා මනුත්ම ""
"' ඇයි ^හ්ක් ? "'
"" එතකොට උබ කිව්වා වගේ මගෙත් පපුව රිදෙන්න ගන්නවා . ""
YOU ARE READING
fri(end)s
Fanficතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...