18 කොටස

105 10 2
                                    

" කටවහගනින් පරයා මට කියල හ#න්නගන්නැතුව "

' පිස්සු කෙලින්න එපා . යකෝ කතා කරල විසඳගනින් .මේක ඉස්කෝලෙ '

" කතා කල්ලා විසඳගන්න පුළුවන් උන් නෙවේ යකෝ මුන් . නැහැදිච්ච හැත්ත ."

' උබ මෙතුවර මෙහෙ වරෙන් යමන් . හේශාන් වරෙන් යන්න . '

" කොහේ යන්නද හුත්තෝ මූව මන් මෙතනම වලලනවා .කියන කැ# කතා අහන් ඉන්න ඕනෙද.අසහනකාරයා . "

"" මනු උබල කොහෙද බන් යන්නේ ඊලග පීරියඩ් එක ඉතිහාසෙ යකෝ .අරූ අහන්කොට මොකක්ද කියන්නෙ .""

' සාලිය බෑග් ටික කෙල්ලොන්ගෙ පැත්තෙ හංඟපන්. '

"" මොන මඟුලක්ද ඕයි .මරාගන්නෙ තොපි .මොකක්ද උනේ කියල හිටහන් ඉස්සෙල්ලා . ඉඳපන් මාත් එන්නම් .""

' උබල ඉඳපන් . '

පාරක් නොදැන මෙතුවර පන්තියෙන් එලියට යන්න ගියාම මන් හේශානයව ඇදගෙන එලියට ආවේ .

හේශානයා අත ගසලා දාලා මාවත් පාස් කරන් ගියාම මන් මෙතුවර දිහා බලලා වරෙන් කියල කටින් නොකියා පඩිපෙල බැහැන් හැරෙනකොට මන් දැක්කා හේශානයා ගහපු පාරට තොල පැලිලා ආව ලේ බිඳුවක් ඌ කිසිම ගානක් නැතුව පිට අල්ලෙන් පිහිදන් සාක්කුවේ අත් දෙක දාන් පුරුදු කාරයෙක් වගේ එන්න ආවා .

උදේ පලවෙනි පීරියඩ් එක ඉවරඋන ගමන් මිස් එලිය ගියාම හේශනයා ඩන්කන් සර්ව හම්බෙන්න ඕනෙ  කියල පන්තියෙන් එලියට යන්න ගියාම තමා අලුතෙන් ආව කොල්ලගෙ මූන හරියට දැක්කෙ .

හේශානයා එකපාර පුටුවෙන් නැගිටල සාලියවත් තල්ලුකරලා මෙතුවරගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලලා බිත්තියට තද කරා .
එකපාර උන මඟුල මොලේට ප්‍රොසෙස් වෙන්නත් කලින් හේශානයා අරූට අත දිගෑරලා කනට ගැහුවා .

හේශානයා අහන එක්කට උත්තර දෙන්නෙත් නෑ . අරූගෙ බෙල්ල හිරවෙලා ඉඳන් උනත් උගේ අය්යට තිත්තෙන් බනින්න ගත්තා.
පස්සෙ මට සීන් එක ඔලුවට ගියේ .දෙනෝදාහක් මැද නොවුනට එකෙක් දැනගත්තම ඇති ඔක්කොම ගිනි තියන්න .
උන්ගෙම කටවල් වලින්ම මොනා හරි එලියට පනින්න කලින් මේක කතා කල්ලා විසඳගන්න පන්තියෙන් එලිය ආවා .

fri(end)s Where stories live. Discover now