23 කොටස

73 8 3
                                    

කවද කොහොම හිත් ඇතුලට බැහැගන්න දෙයක්ද කියන එක හොයන්න අමාරුයි .හැබැයි තමන්ටත් නොදැනිම හිත ඇතුලෙ පැලවෙන්න ගන්න ආදරේ කියන මහා විසාල ගහ පපුකුහර විනිවිද යන්නම මුල් බැහැගන්නේ නාස් කුහර වලින් ඇද ගන්න හැම හුස්ම රැල්ලක්ම ප්‍රේමය වෙනුවෙන් පණ ගැහෙන්න හදවත් ස්පන්දනය පවා වෙනස් කරල .

ඉතින් තාමත් බේරුම් නොකල හිතන්න වෙහෙස නොවුන හැඟීම් ටොන් ගාණක් අස්සෙන් මේ පපු කුහර හිරවෙන්න තරම් දැනෙන හැඟීම් වල බර , වචනෙකටත් ඇඟ දිගේ උඩු දුවන හිරිය , තාමත් කෝඩුකාර රෝමාන්තිකයව හරි විකාර විදියට අවුල් කරනවා .

තප්පර තිස්දෙකක් ඔන්න දැන් තිස් තුන තිස් හතරවෙනි තත්පරෙත් හරිම නිහඬ විදියට ගෙවිලා යනවා . වචන තුනකට ආයිම මනුත්ම විකාර විදියට හිරවෙලා . හරි සාමාන්‍ය ප්‍රශ්නයක් . කිසිම අසාමාන්‍ය කමක් නැති ප්‍රශ්නයක් . හැබැයි මනුත්මගෙ පපුව ආයිම අසාමාන්‍ය විදියට ගැහෙන්න අරන් අර හරිම සාමාන්‍ය ප්‍රශ්නෙට උත්තරයක් දීගන්න බැරුව දැන් මේ ගෙවෙන්නේ තිස් හයවෙනි තප්පරේ ...

" ම්ම් එපාද ? "

ඔන්න නිහඬ තත්පර තිස් හයකට  පස්සෙ රනුත්ම ආයිම අර ප්‍රශ්නෙ වචන දෙකකට කෙටි කල්ලා .
කවුද දන්නේ මනුත්මට මේ අහන දේ අපහැදිලි වෙන්න තරම් වාක්‍ය දිග වැඩි උනාද කියල .

' අ - අය්යේ මොනාද බන් ඔල්මාද කියවන්නේ ? '

හරියටම මනුත්ම ලඟට ලං වෙලා පපුව ගැහෙන වේගෙ ඇහුවනම් තේරෙනවා කොල්ලා මේ කටින් කියන වචන වලට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් අර අසූහාරදාහට ගැහෙන හදවත කියනවා කියල .

" ඇයි මන් වැරදි දෙයක් ඇහුවද උබෙන් ? "

' හි-හිතපන් මන් එ-එපා කිව්වේ නෑනෙ .'

නොදැන උනත් මනුත්ම කිව්ව වචන වල නම් රනුත්ට , රනුත්ගෙ හැඟීම් වලට අර පණ ගැහෙන හැඟීම් වලටනම් ඒ උත්තරේ හරි බරයි .

' අ - අම්මා ක - කතා කරනවා මන් මන් තියන්නම් අය්යේ . '

" ම්ම් "

"  අන්තිම හුස්ම වෙනකනුත් හිතුවෙත් හිතන්නෙත් උඹ ගැන විතරයි මගෙ මනුත්ම . "

fri(end)s Where stories live. Discover now