සයාශ් අයියා ශර්ට් එකත් දාන් මතුර මතුර ගිහින් දොර අරිද්දි ඔක්කොටෝම කලින් කාමරේ ඇතුලට පැන්නේ චන්දුලයා ...මාත් යද්දි මේක ඉන්නවා අඩන්න වගේ....
"විදුවෝ උබට අව්ලක් නෑ නේද"
සයාශ් අයියා දඩයා අයියා දිහා බලන් ඉද්දි දඩයා අයියා මට ඇහැක් ගාලා චන්දුලයව පෙන්නුවා
"නෑ නෑ බන්"
චන්දුලයා මාව වටේම හරවලා සයාශ් අයියට රවද්දි මට මූ පව් කියලත් හිතුනා
" නැත්තෙ නෑ හු&තෝ....බලපන් තොගෙ කට"
"අනේ බබා උබ කටවහන් මෙන්න මෙහෙ වරෙන්"
"ඇයි ඇයි තමුසෙට තමුසෙගෙ යාලුවා වටිනවා වගේ තමයි මටත් ම්ම්"
"චන්දුල අඩේ අව්ලක් නෑ බන්"
වදෙන් පොරෙන් අපේ එකාගෙ ප්රශ්න ගෝනියෙන් බේරිලා උන්ට බීම බෝතලයකුත් දීලා වෙන කතාවක් දාන් උන්නා
"උබ ඇයි යකෝ ශාන් හම්බෙන්න ගියේ"
"නිලා පව් බන් ඒකයි"
"ඒක හැබෑව ඒත් අඩුම කියලා පලයන්"
"ම්ම් සොරි බන්"
"ශාන්ගෙ වල් කම තිබ්බට උගෙ මොලේ පුපේ නිසා හොදයි....නැත්තන් මෙලහකටත් උබ ඉවරයි පුතේ"
"ආ බන්"
'ආ නෙමේ ඌ මේක ප්ලෑන් කරපු එකක්....උගෙ අප්පච්චිගෙ හයිය ඔය පෙන්නන්නේ.....මීට කලිනුත් රෑක උබව හම්බෙන්න ඌ ආවද"
"ම්ම්"
මන් බලාගෙන එහෙම කියද්දි සයාශ් අයියගෙ ඇස් තරහින් පිරිලා.....ඒ ඇස් හෙන නපුරුයි....ඊටමත් මම එයාටවත් කියලා නෑ මේවා
"ඇයි යකෝ කිව්වේ නැත්තෙ .....එදා ඌ ඇවිත් තියෙන්නේ තව සෙට් එකක් එක්ක....ඒ මදිවට උබව හොදින් හරි නරකින් හරි අරන් යනවා කියන අදහසෙන්...ඒත් සයාශ් අයියා නිසා උබ බේරුනා....උබ දන්නවද එතකොටත් සයාශ් අයියා මෙහෙට ඇවිත් හිටියෙ කියන්න...."
"මොකක්"
"ඔව් එදා සයාශ් අයියා ලංකාවට ආව දවස යකෝ....කොහෙද මේ මගුල් ප්රශ්නෙ නිසා සයාශ් අයියට උබව බලන්නවත් එන්න උන් නෑ.....උබව ෂාන් follow කරන්වා කියලා රනුල් අයියගෙන් දැන ගත්තම සයාශ් අයියා අයාන් අයියට උබ ගැන බලන්න කිව්වා...ඒත් කොහෙද එදා අයාන් අයියා උබව ගෙනත් දාලා යන ඩිංගට ඌ ආවා උබව හොයන්.....ඒත් ඒ වෙද්දි සයාශ් අයිය දැනන් ඌ උබ ලගට ආවා කියන්න විදුවෝ......"
YOU ARE READING
විදූ.....(ongoing)
Romanceකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...