ආව්හ්.... මගේ ඔළුව.... අනේ අම්මෙ කොන්දත් නෑ වගේ කකුලත් රිදෙනවා..... මම ඔළුවත් අල්ලගෙන හීමින් හීමින් ඇස් ඇරියා.. මම හිටියේ පහළ වෙළේ මම වැටුන තැනත් නෙමෙයි ගෙදරත් නෙමෙයි...
සර්ජිකල් සුවඳ දැනෙද්දි මම දැනගත්තා මේ ඉන්නෙ හොස්පිටල් එකේ කියලා.. බාගේට ඇස් ඇරගෙන හිටපු මම හොඳටම ඇස් ඇරියා අම්මා ඉන්නවා මගේ ඇඳ ගාව ඉදගෙන මම අමාරුවෙන් අම්මාට කතා කරා..
අ.. අම්-
මට කතා කරගන්න පුලුවන් කමක් තිබුනේ නැ මගේ තොල කට හොදටම වේලිලා ඒ අස්සෙන් උගුරැත් හොදටම දනවා මම ඇඟේ තිබුන ඔක්කොම ශක්තිය එකතු කරගෙන අම්මාට කතා කරා වතුර ටිකක් ඉල්ලා ගන්න
අ.. අ.. අම්මා... ව.. ව.. තුර
චුටි මයේ.. රත්තරං අනේ නැගිට්ටාද....
අහසි!!... අහසි!! වතුර බොතලේ...
මෙන්න.. මෙන්න අම්මා...
ඉන්න මැණික අම්මා පොවන්නම්
අම්මා වතුර ටික ටික හැන්දකට අරන් පෙව්වාම තමා මගේ කටේ වේලිල්ල නැතිවේලා ගියේ... දැන් මට තව විසාල ප්‍රශ්නයක් තියනවා...
අම්මා... මට මොකද වුනේ...
ඔන්න මෙච්චර වේලා මයේ පුතේ.. මයේ රත්තරනේ කිය කිය හිටපු අම්මාට කාළි අම්මා වැහුනා...
උනේ.. උනේද... උඹ කකුලකුයි අතකුයි කඩා ගත්ත එක කියන දේ නාහා ගිහිල්ලා
ආව් අම්මා ගහන්න එපා මේ අසරණයාට..
අම්මාගේ වෙස් පෙරළිම දැකලා මගේ ඇසුත් උඩ ගියා ඒ ඇයි දන්නවාද අම්මා මේ නොදරැවාට නිය පිටින් පාරක් ගහලා නැ අද වෙනකම් ඉතිම් පුදුම හිතෙන්නෙ නැද්ද අනික ගැහුවෙම තුවාල වේලා බෙහෙත් දාලා තිබුන තැනකට..