මට තවත් එතන ඉන්න බැරි නිසා යන්න හැරැණාත් මගේ අත ගිනි රස්නේ අතක් අල්ලගත්තා. .. මම හැරිලා බැලුවා කොල්ලාගේ නළල තුවාල වේලා මදිවට ගිනි ගන්න සයිස් එකට උණ...
මම ටිකක් වේලා මෙවුල් දිහා බලන් හිටියා කොල්ලාගේ මුණේ තිබ්බෙ හෙන ආයචනා කරනවා වගේ මුණක්...
මොකද දැන්
මට එදා මොකක්ද වුනේ කියලා කියන්නකෝ ...
කවදාද..
එදා වලව්වෙදි
මෙවුල් මොන වලව්වෙදිද..
ආයුශ් ටිකක් එළියෙන් හිටපන්කෝ මම විස්තරේ පස්සේ කියන්නම්..
හරි.. හරි..
ආයුශ් එළියට ගියාම එකා මට ඇඳේ කොනක් තට්ටු කරලා පෙන්නලා විට්ටමට හේත්තු වුනා..
එදා.. වුනේද....
මම එදා වුන විස්තරේ එයාට අකුරක් නෑරම කිව්වා සමහර තැන ඇරලා හැබැයි එයා එක ඈස් දෙකත් ලොකු කරන් අහන් ඉන්න හැටි දැක්කාම මට හිත ඇතුලෙන් හිනා ගියා..
ඔයා කියන්නේ එ හොල්මන දැන් ඉන්නෙ මගේ ඇඟ ඇතුලේ කියලාද..
හුම් එහෙම වෙන්නත් පුලුවන් හැබැයි...
දැන් මට කියන්න ඇයි ඔයා ඒ වලව්ව ගාව හොරගල් අහුලන්නෙ..
මගේ කටවැහිලා ගියා මට වචන නැති වුනා දැන් මේකාට මං ගැන කිව්වොත් මාව විස්වාස කරයිද නැත්තම් මගේ යාළුවටත් කියලා ගම පුරා පතුරලා මගේ මිශන් එක අල කරයිද
මගේ මොළේ කියන්නේ එක කියන්න එපා කියලා වුනාට මගේ හදවත කියන්නේ කොල්ලාව විස්වාස කරලා ඇත්ත කියන්න කියලා මම නිකම් දැන් අතරමං වේලා වගේ අප්පා මං මොකක්ද කරන්න ඔනා..
මොනවාද ඔච්චර කල්පනා කරන්නේ මට කියන්න බොරැවක් හිතනවාද..
නැ.. නැ.. මං... මේ... මේ..
ආශ් සයාශ් උඹ මොකද මේ ගොත ගහන්නේ කවදාවත් නැතුව අප්පච්චි ඉස්සරහා නෙමෙයි ලංකාවේ ජනාධිපති ඉස්සරහාත් බය නැතුව කතා කරපු උඹ මේ හිච්චි කොල්ලෙක්ට බය වේලා මොකද උඹට මේ මොකක්ද වේලා තියෙන්නේ උඹ well trained C. I. D OFFICER කෙනෙක් යකෝ මොකද මේ උඹට දාඩිය දාන්නේ...