ළිඳ ගාවට ලං වෙන්න ලං වෙන්න අක්කා මගේ අත තද කරලා අල්ලගත්තා අක්කා කොච්චර තදට අල්ලගත්තාත් ඔකා අදත් කුප්ප මොනවාහරි කිව්වොත් මම ගහන එක ගහනවා යකෝ මම ඉද්දි මං ඉස්සරහාම මගේ අක්කාට මු විහිලු කරද්දි එකට අත පය බැදන් ඉන්න තරම් මම පිම්පියෙක් නෙමෙයි....
අද මු විතරක් නෙමෙයි මුගේ නරි රැළත් එක්කම ඇවිත් තියෙන්නේ අම්මපා අර පිං ළිඳ තියනවා ඇළ තියනවා මේ බොන්න තියන ළිඳ බොර කරන්නම මේක අස්සෙ රිංගනවා.. පේරේත රැළ..
අක්කා ආපහු මගේ අත තද කරලා අල්ලගත්තා
චුටි අනේ වදින්නම් ඇවිලෙන්න නම් යන්න එපා අරකා තනියම නෙමෙයි ඉන්නේ අනික...
තමුසේ බය නැතුව ඉන්නවා දහයකට ගහන්න මේ මල්ලිට ශක්තිය තියනවා මම සූරියප්පෙරුම නිළමේ පරම්පරාවේ ලේ දුවන උදාර කොළුවෙක්.. ඔය රෝඩියන්ට බය එකෙක් නෙමෙයි..
තමුසේව නම් හදන්න බෑ ඔයි..
මාව හදන්න කලින් අම්මාට වතුර ටික ගිහින් දිලා එමු මුලින්..
මම වතුර බාල්දි ටික අරන් ඉස්සර වුනා..මොකද මට ඔතනට අක්කාව ඉස්සර වෙලා යවන්න බෑ නිසා..
අක්කා චීත්තෙත් ඇඳගෙන ළිදගාවට ගිහින් ලණුව අල්ලනවා එක්කම මම අරැන් හිටපු පැත්ත බැලුවා සිරා කෙසේ වෙතත් උගෙන් නරි රැළ නම් අක්කා දිහා කන්න වගේ බලන් හිටියා.
අක්කෙ ඔයා එහාට වෙන්න මම අදින්නම්...
අක්කාව මගේ පිටිපස්සට කරගෙන මම වතුර ඇදලා එකින් එක පිරෙව්වා ගිහින් විනාඩි දහයක් විතර යනකනුත් උන් උන්ගේ පාඩුවේ උන්ගේ වැඩ කරගෙන හිටපු නිසා මම හිතුවා මුකුත් කියන එකක් නැ කියලා එත් එක සම්පුර්ණයෙන්ම වැරදි වැටහිමක්..
ආ නංගි වතුර ගන්න ආවා වගේ
අක්කා එහෙම අහපු ගමන් තවත් මගේ පිටිපස්සට වුනා තවත් මට කටපියාගෙන ඉන්න බැරි වුනා...
නැ පොල් ගාන්න ආවේ ඇයි මොකද..
අක්කා ගොලුද මල්ලි කතා කරන්න බැරි...