අප්පච්චි ඇවිල්ලා ඔළුව අතගාලා ගිහිම් පැය භාගයක් ඇති මට ආවේ ඔළුව කැක්කුමක් එක නිකම් හරියට මගේ ඔළුව ඇතුලට යකඩ උල් වලින් අනිනවා වගේ වේදනාවක්
මම ඇස් දෙක පියාගෙනම ඔළුව තද කරලා අල්ල ගත්තා... එකපාරටම මෙහෙම ඔළුව කැක්කුමක් ආවේ කොහොමද අප්පා... මම හැම අතින්ම වේදනාව නැති කරගන්න උත්සහා කරා මුළු ඇඳ පුරාම පෙරළුනාත් එ වේදනාව නැති වුනේ නැ බැරිම තැන මම අම්මාට කතා කරා...
අම්මේ!!!! අම්මේ!!!
වෙනදාට කතා කරපු ගමන් ආවත් අද අම්මා ආවේ නැති නිසා එ ඇයි කියලා බලන්න මම ඇස් ඇරියාම මට දැනුනේ මගේ ඇස් වලින් ගින්දර පිටවෙනවා වගේ ඇස් වලින් කඳුලුත් ගලන්න ගත්තා...
මම කාමරේ දොර ඇරගෙන කුස්සියට ගියා අම්මා කුස්සියෙත් නැ එයාලගේ කාමරේට ගියා එයා කාමරෙත් නැ මල් වලට වතුර දානවා ඇති සමහර විට කියලා හිතාගෙන මම එළියට බැස්සා ඔය ඉන්නේ අපේ අම්මා අනිත් ළමයි ටිකට සලක සලක
අම්මේ!!!
මොකද චුටි
අනේ මගේ ඔළුව රිදෙනවානේ..
එක පාරටම..
හුම් ඔව්නේ..
අම්මා අත් දෙකත් සායේ පිසදාගෙන ඇවිත් මගේ නළලට අත තියලා බැලුවා..
මයේ රත්තරනේ ගිනි කඹළට උණනේ ඔයාට කොහොමද උණ ගත්තේ...
දන්නෙ නැ අම්මා...
යන්න යන්න කාමරේට යන්න මම මොනවාහරි කරන්නම්...
මම නිකම් දාහට අරන් සීයට දීලා වගේ ආපහු කාමරේට ගිහින් ඇඳට වැටුනා...
(නන්දනී pov)
චුටි පුතාට කොහොම උණ ගත්තාද මන්දා ඇඟ නිකම් ගිනි ගන්නවා වගේ අප්පා අපේ මහත්තයා ගහපු නිසාද දන්නෙ නැ අනේ මගේ පොඩි එකා..
මම හිටියේ වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක් තම්බ තම්බ කොහොමහරි උණ බස්සන එපැයි උණ නොබැස්සොත් හන්දියේ ඩිස්පැන්සරියට එක්ක යන්න ඔනි...
ඔඩිකොලොන් පාන්කඩයක් දාන්න ඔනි දැන් මේක ලිපේ තියලා යන්න බැනේ මේ කෙල්ලෙක් හිටියාට මේලෝ වැඩක් නැ කාමරේ අස්සෙමයි එකී.