මම ගේ ඇතුලේ ඇවිදලා ඇවිදලා අවසානෙදි දයාන් සර්ගේ ඔෆිස් රෑම් එක හොයාගත්තා එක දයාන් සර්ගේ මරණෙන් පස්සෙ මේ පවුලේ කට්ටිය අත ඇරලා දාලා ඉබ්බෙකුත් දාලා දැන් කොහොමද මේක ඇරගන්නෙ මම ඉබ්බා ඇරගන්න දෙයක් හොයද්දි පිටිපස්සේ පිත්තල මල් පෝච්චියක් තිබ්බා...
වෙන කරන්න දෙයකුත් නැති නිසා මම පිත්තල පෝච්චිය අරන් ඉබ්බාට තුන්පාරක් විතර ගහලා ඉබ්බා කඩාගත්තා බණ ටිකක් සද්දෙට බෆල් දාලා කියපු නිසා මම ඉබ්බා කඩන සද්දෙ එළියට ඇහුනේ නැ
කාලෙකින් මේක සුද්ද කරලාත් නැද්ද මන්දා සුද්ද කරලා තියා මේකට කවුරැත් ඇවිල්ලාත් නැද්ද මන්දා හැබැයි බඩු ටික පිළිවෙලකට තිබ්බා මකුළු දෑල්, දුවිලි තමා ඉතින් ජරාවාස වේලා කියන්න තිබුනේ
මොනවා වුනත් දයාන් සර් පරණ දේවල් වලට ආස කරපු කෙනෙක් වගේ මම මුළු ඔෆිස් එකම බැලුවා දයාන් සර් එයාගේ පවුලට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා එයාගේ ඔෆිස් රෑම් එකෙන්ම තේරේනවා මොකද ෆැමිලි photos ගොඩක් එයාගේ ඔෆිස් එකේ හැමතැනම වගේ ගහලා තිබුනා
එහෙම හිටපු මනුස්සයෙක් මේ ඔෆිස් රෑම් එක ඇතුලේම සුසයිඩ් කරගත්තා කියන එක මට හිතාගන්න බැරිවුනා හිතට අදහසක් ආවා වුනත් තමන්ගේ වයිෆ්ගේ එකම පුතාගේ මුණ බලාගෙන කොහොමද එක කරගත්තේ කියන එක මට අවුලක් වුනා
මම තවත් හොදට වටපිට බැලුවා මට ඔනි වුනේ මෙතනින් මේ අභිරහස ගැන එක හෝඩුවාවක් හරි හොයාගන්න මොකද එක කේස් එකක් විසදුනා කියන්නේ අනිත් කේස් එක ඉබේටම විසදෙනවා කියන එක
මම මුළු මේසේ පුරාම හෙව්වා මේසේ තිබ්බ ෆයිල්ස් හැම එකක්ම අකුරක් නෑර කියෙව්වා එත් එවා නොමල් ඩොකියුමන්ට් මිසක් කේස් NO45 ප්රින්සි ජේස් කරුණාරත්නගේ කේස් ෆයිල්ස් නෙමෙයි...
මම මේස ලාච්චු පවා ඇරලා බැලුවා මට හම්බුනේ පරණ ඩයරි එකක් විතරයි එක මිස්ට දයාන් C. I. D ක්රයිම් ඩිපාර්ට්මන්ට් එකට බැදුන දවසේ ලියපු එකක් මිස්ට දයාන් ඩිපාර්ට්මන්ට් එකට බැදිලා තියෙන්නේ විසි හතරෙන් අඩුම වයසින් CID එකට බැදුන කෙනා විදිහටත් ඉන්නේ ඉතිම් එයා තමා