01🪻🪷

878 62 33
                                    

"මට යන්න දීපන්!!!! මාව මේකෙන්
ගලවපන්!!!!! මට යන්න දීපියව් මුසල හැත්ත!!!!"

-------------------------------------------------------------

පරී... හු මේ... පරී හු. මේ~!!!!

අනේ ඔය ටකරං කට වහපන් මල්ලි වදයක් ඔයි තමුසේ උදේ පාන්දර හොරණෑව ගහන්න ගන්නවා අනික තමුසේට මගේ කාමරේ අස්සෙ තියන රාජකාරිය මොකක්ද ආ

අලුතෙන් ආපු හින්දි සිංදුව කියාගෙන ආවට මොකද මම කරන්න හදපු හොර වැඩේ කරගන්න හම්බුනේ නැ කොහේද ඉතිම් උළකුඩ දේවිය කාමරේට වැඩලානේ හොර වැඩක් කිව්වාට හොර වැඩකට වඩා වෙන වැඩක් කරගන්න තමා ආවේ First aid kit ගන්න හැබැයි අවසානේට රහස් පොළිසියට අහුවුනා දැන් මට ගැලවිල්ලක් ගැන හිතන්නවත් බැ මෙවුලෝ බොරැවක් හිතපන් පට ගාලා බොරැවක් කියපන්...

මම.. මම... මම මේ ආවේ මගේ අක්කණ්ඩිය සුවෙන්ද බලන්න...

ආ... තමුසෙට මොකක්ද පහළ වෙච්ච සත්ව කරුණාව..

සතෙක් වෙනුවෙන් තමා බං අක්කෙ සත්ව කරැණාව පහල වෙන්නේ

මම මට බේරෙන්න ඔනි නිසාත් පහළ වෙච්ච සත්ව කරැණාව පෙන්නන ඔනි නිසාම අක්කාගෙ කඹයක් වගේ තිබුන කොන්ඩේන් ඇදගෙන කාමරෙන් එළියට ආවා..

අම්මේ!!! මු මට පාඩම් කරන්න දෙන්නෙ නැ අම්මෙ!!!

උදාරයි මෙවුලයෝ උදාරයි අම්මා නම් සේප් කරගන්න පුලුවන් හැබැයි අප්පොච්චා ඉන්නවා නම් උඹ ඉවරයි මෙලහකටත් මහසෝන් යක්සනිගේ කටහඬ සවන්පත් වැටිලාද දන්නෙ නැ එහෙම වුනොත් මගේ බත් කාඩ් එකත් ලේප්ට්.. තාමත් නිකම් කකා ගෙදර සංගමයේ සාමාජීකයෙකු වන මා හට බත් කාඩ් එක නැති විම යනු අතිවිශාල පාඩුවක්. .....

එක නිසාම මම මගේ ගැලවුම්කාරයා හොයාගෙන කුස්සියට ගියා ඔය ඉන්නේ මගේ ඉස්ඨ දේවතාවි.. මම උපාසක බළලා වගේ කුස්සියට ගිහිම් තියෙන ටයිල් මේසේ උඩින් ඉද ගත්තා..

මොනවද චුටී කරන පිස්සු වැඩ අක්කා කෑ ගහපු එකඅහල පහල ගෙවල් වල මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති...

අම්මා හොද්ද හැඳි ගාගා හිටපු හැන්ද උරැක් කර කර මට කිව්වා හරියට නිකම් ගහන්න වගේ... වැඩක් නැ සහෝදර වරැනි මේයා ඔක උරැක් කරනවා විතරයි ගහන්නේ නැ මොකද මම මේයාගේ සත්තලං තොත්ත පූලේනේ මට මදුරුවෙක් කාලා පල්ලක් දැම්මාත් මේයාගේ පපුව හෝස් ගාලා යනවා....

හන්තාන මල්🪻🪷Where stories live. Discover now