සුදු පුතාගේ කෙන්දරේ බලන්න කියලා අම්මාට කියන්න ඔනි තව පොඩ්ඩෙන් කොහෙවත් යන කොස්වටුවෙක්ගේ කාර් තඩියකත් හැපෙන්න ගියා....
මට පොරට පාරක් ගහගන්න බැරි කමට හිනා වේලා කියපු කියම් ටික අහන් හිටියා.. මුණේ හැටි අබ පෑලැක් දැම්මාත් පුපුරන සයිස් එකක් තිබ්බෙ.... හැබැයි මරැ කඳ.... ම්ම්ම්ම්ම්
මම ඉතිම් එ බැනුමත් අහන් ඉක්මනින් දුවලා ගියේ මගේ ප්රථම ආදරේ බලන්න...
අර ඉන්නේ ගහ යට මගේ අමන කැටේ... මම ඉතිම් තවත් වේගය වැඩි කරා...
සීදේවි... මම සීදේවි...මම සීදේවි මම නුඹේ හැලයා....
අයින් වෙයන්ලා බ්රේරේක් නැ සුදු පුතාට...
වේගය වැඩි කරලා මාගේ ගායන හැකියාවත් පෙන්නගෙන අමන කැටේ ගාවට දිව්වාට මොකද මට බ්රේරේක් හොයාගන්න බැරැව ගිහිම් මම ගොයම් කපන්න හිටපු සෙනග ඉස්සරහා ඇදගෙන වැටිලා පුප බිම ඇනුනා...
වස ලැජ්ජාවයි ගමෙන් බාගයක් මෙතන... මම බෙල්ල දාලා බැලුවේ අප්පච්චි හිටියාද කියලා එහෙම වුනොත් බිම ඇනිලා කිස් කන පස්සට ඇට්ටෙරියා කෝටු පාරකුත් කන්න වෙනවා... නුවර ටවුන් එකට ගිය පාර තාම අප්පච්චි ඇවිත් නැද්ද කොහේද..
හරියන්නේ නැ සුදු පුතාගේ සෙනසුරු උච්ච වේලා බුද නීච වේලා සිකුරු චා වේලාද කොහේද... මේ දවස් වල සිද්ද වෙන්නේ අතපය කඩා ගන්න වැඩමයි...
මෙවුල් උඹත් කරගන්න වැඩ අයියෝ...
මාව නැගිට්ටවපන් යකෝ ඔහොම බලන් ඉන්නෙ නැතුව ...
මං වැටිච්ච එකට ඌට ඇති වෙනකම්ම හිනා වුන ආයුශ් ටිකකින් ඇවිත් මාව නැගිට්ටුවා...
ඉට පස්සේ ඉතිම් ගහ යට ඉදගෙන වල්පල් දොඩව දොඩව අපි දෙන්නා එක්ක ගොයම් කපන හැටි බලන් හිටියා..
ගොයම් කපන එක දිහා බලන් ඉන්න එක වෙනස්ම ආතල් එකක් එක ඉතිම් කවදාවත් ගොයම් කපනවා දැකලා නැති අයට තෙරෙන්නේ නැ හුම්..
ඔන්න දැම් තමා ගොයන් කැපිල්ලක වැදගත්ම කොටස ඇඹුල... මොකක්ද ඇ... ඹු... ල... අනික හොදම වැඩේ බෙදන්නෙ කෙසෙල් කොලේට නිසා තවත් රසයි..