මම හිමිහිට ගේ ගාවට ගිහින් දොරට තට්ටු කරා..
කවුද...
අවුරැදු 55 ක විතර වයසක ගෑණු කෙනෙක් දොර ඇරගෙන එළියට ආවා
ඔය මහත්තයා කවුද.. කාවද හොයන්නෙ...
මේ අනුලාවතී අම්මාද..
ඔව් මම තමා අනුලාවතී....
මට ටිකක් කතා කරන්න පුලුවන්ද අම්මෙ...
මේ මහත්තයා මොනවා දැනගන්නද ආවේ....
මම මගේ සාක්කුවේ තිබුන මගේ I. D එක ඇඳලා අරගත්තා..
මම CID CRIME OFFICER සයාශ් තීර්ථ වීරවර්ධන මම ආවේ ඔයා බලාගත්තු ප්රින්සි ජේස් ගැන දැනගන්න...
මම.. ක.. ක.. කලිනුත්.. කි.. ව්... වා.. මම.. ද.. දන්නෙ නැ.. කි.. කි.. සිම දෙයක්.... එ.. ගැන....
අනුලාවතී අම්මා බය වුනා එයා හොදටම බය වුනා එත් එක්කම එයා දොර වැහුවාත් දොරේ හිඩැසකට කකුල තියලා දොර වහන්න නොදි තියාගන්න මට පුලුවන් වුනා...
මේ... මහත්තයා යන්න... මම කලිනුත් කිව්වානේ මම කිසි දෙයක් දන්නෙ නැ..
අම්මා.. අම්මා.. බය වෙන්න එපා මේක මමයි ඔයයි අතරේ යන කතාවක් විතරයි කාටවත් දැනගන්න වෙන්නේ නැ..