අවසානේදි අපේ අක්කණ්ඩිට මගේ කන්දෝස්කිරියාව අහගෙන ඉන්න බැරි කමටම හොල්මන් වලව්වට ගිහිම් අඹ කඩන්න කැමති වුනා මමත් ඇදන් හිටපු ටී ශර්ට් එකත් අක්කාට ගලෝලා දිලා මම අඹ ගහට නැග්ගා..
චුටි බලාගෙන දළඹුවො ඇති... දිමි ගොටුත් ඇති...
හරි හරි ඔයා ඔහොම ඉන්න ඈ මම කඩලා දාන ටික එකතු කරගන්න
අඔ ගහට නැගලා අඹ වල්ලකට අත තියනවාත් එක්කම මම දැක්කේ ඡායාවක් ඔන්න ඉතිම් මම අඹ කැඩිල්ල පැත්තක තියලා මගේ ශර්ලොක් හෝම්ස් විශන් එක දාලා බැලුවා
මේ... මේ... අර ගමට අද ආපු සනුකයා නේද මු මොකක්ද මේ වලව් වත්තේ හොරගල් අහුල අහුල කරන්නේ...
හැබැයි මට මුව දැකපු වේලාවේ එච්චර දිරෙව්වෙත් නැ අනිවා මු අර හොල්මන් වලව් හොයාගෙන ගිහිම් හොල්මන් ඉන්නවා කියලා රැයක් ඉදලා එක එක සද්ද දාලා වීව්ස් හිඟාකන එකෙක් වෙන්න ඇති අපේ ආයුශාටත් කාලයක් ඔය උණ තිබ්බා හැබැයි මට වෙච්ච අකරතැබ්බයත් එක්කම මිනිහාගේ උණත් බැහැලා ගියා හැබැයි...
මම ටිකක් අඹ කැඩිල්ල පැත්තක දාලා රබර් ඇහැ දාලා බලන් හිටියේ මු මොකද කරන්නේ මු කැරකී කැරකී ඉදලා මඩුවට යන හැටි බලන් හිටපු මට බාධාවක් එල්ල වුනා...
ඔයි... චුටි... කවුද ඉන්නවා හලෝ... අඩි සද්ද ඇහෙනවා මට යමු දැන් ඔය ඇති...
හනේව් අරකීගේ බෙළෙක් කට අරකාට ඇහුනා ඌ එක නිසා මඩුව ඇතුළට ගිහිම් දොරේනුත් එබිලා බැලුවා ඔය කරේ ඉතිම්..
මට ආපු තරහාට මම ගහ පල්ලේ හිටපු අපේ යක්සනීට අඹ ගැටේකින් ගැහුවා ගැහුව පාර සැර වැඩිද මන්දා ගිහින් අඹ ගැටේ වැදුනේ මහසෝන් යක්සනීගේ නළල් තලයට...
ඌයියා!!!! බැහැපිය පල්ලෙහාට බැහැපිය පල්ලෙහාට...
බොරැ කියන්න ඔනි නැ සහෝදර වරැනි මට කෝටුවේ හාමුදුරුවෝ මතක් වුනා මම බැහැපිය පල්ලෙහාට කියලා මේකි නිකම් හිටියේ නැ ලඟ තිබුන කොට්ටක් අරන් මගේ යටිපතුල් දෙකටත් ඇන්නා