ඇයි අද මගේ සයනය සහ කොට්ටය වෙනස් වෙලා වගේ කියලා මට හිතෙන්නේ මොනවා වුනත් සනීපෙට නින්ද යනවා චුට්ටක් කොන්ද රිදෙනවා වගේ මම හිටපු පොශිශන් එක වෙනස් කරගන්න කියලා ටිකක් එහාට මෙහාට හැරැණා...
මගේ ඇඳේ කවදාවත් තිබ්බෙ නැති ගැජමැටිකුත් තියනවානේ... අපේ අම්මලා මගේ ඇඳ මාරැ කරේ කවදද හුලං පාරකුත් එනවා හීනියට බෙල්ලට විතරනේ වදින්නේ අලුත් ජාතියේ ඇඳක්ද මේක... ඈ.. මේ... මේ... මොකක්ද අහුවෙන්නේ ශිට් මේ ඇඳ කැඩිලද කොහේද ඇඳ පොල්ලක් මෙට්ටෙන් එළියට ඇවිල්ලාත් එක්ක..
මම ඇස් පියාගෙනම උඩට ඇවිත් තිබ්බ ඇඳ පොල්ල ෆුල් ඩම් එක දාලා යටට තල්ලු කරද්දිම මට ඇහුනේ කවුරුහරි කෑ ගහන සද්දයක්..
ආව්... අම්මෙ!!
ඔන්න එතකොට තමා මම ඇස් දෙක ඇරියේ....
බුදු අම්මේ !!!! සුටි පුතාව උ- බ්බ්බ්බ්බා.....
කෑ ගහන්න එපා යකෝ මගේ කන් දෙක...
එ ඇඳක් නෙමෙයි....මෙච්චර වේලා මම සැපට නිදාගෙන ඇඹරිලා ගුලි වේලා නිදාගෙන ඉදලා තියෙන්නේ මනුස්සයෙක් ගේ ඇඟ උඩ නේත එකත් අර සනුකයා ගාව..... හෝ... හෝ... මම හිටියෙ ගෙදර කාමරේ මගේ ඇඳ උඩනේ එතකොට මම... අනේ අම්මේ මු මාව උස්සලාද කියලා හිතලා මුළු ගමට ඇහෙන්න කෑ ගහන්න හදද්දි මු මගේ කට තද කරලා අල්ලාගත්තේ නැද්ද.. මටත් ඉතිම් නිකම් ඉන්න පුලුවන්ද සහෝදරවරැනි මම මාගේ හා දත් උපයෝගී කරගෙන මිනිහාගේ අත හපා කෑවා..
ආව්... හු#.... පිස්සු බල්ලෙක්ද තමුසේ...
ඔව් ඇයි... රෑ පාඩුවේ නිදන් හිටපු අපේ අම්මාගේ සුටි පුතාව උස්සන් ඇවිල්ලා මෙතන පිස්සු බල්ලා කියන්නත් එනවාද දෙන්නෙ අර කැඩිලා තියන මේස කකුලක් අරන් දෑත බදලා ඔළුවට.. .
යකෝ දැන් කොල්ලෙක්ට වත් තනියම නිදහසේ නිදා ගන්න බැනේ උස්සන් යනවනේ... තමුසේ මාව මෙතනට ගෙනල්ලා අතවරයක් එහෙම කරේ නෑ නේද... ආ කියනවාඅනේ මට වැඩේමයි උඹව උස්සන් එන්න... අනික අතවර මම කියන්නෙ නෑ ඉතින් තව ඩිංගෙන් තමුසේ නිසා මගේයි අනාගතේ අඳුරු වෙවෙන්නෙ..