"ඇතිවුනා බන් අදනම්..මගේ ඔලුවත් එක්ක රිදෙනවා"
එහෙම කියන ගමන් තෙනුශ්ක පන්තියට ඇවිත් පුටුවක් ඇදලා ඉදගත්තේ නලලත් අතගාන ගමන්..
පන්තියේ මේ වෙද්දී කවුරුත් හිටියේ නෑ හැබැයි එක්කෙනෙක් ඇරෙන්න..
"කෝ බන් පන්තියේ එවුන්.. උබ තනියම ඇයි" පන්තිය දිහා ඇස් දෙක කරකවලා බලපු තෙනුශ්ක ඇහුවේ අර පන්තියේ තනියම කොලයක් බදාගෙන හිටපු අවීන්ගෙන්..
"සේරමලා ලැබ් ගිහින්..උබට දැන් තමා මතක් වුනේ clz එකක් තියනව කියලවත්.." අවීන් ඉදගෙන හිටපු තැනින් නැගිටලා තෙනුශ්ක ගාවට ආවේ උගේ වතුර බෝතලෙත් අරන්...
"බීපන්..උදේ ඉදන් උබ කාලත් නෑ නේද මුකුත්...වැඩිකරගනින් පුලුවන් නම් ගෑස්..හු$ත්ත.." වතුර බෝතලේ මූඩියත් ඇරලා මේසේ උඩින් තියන ගමන් අවීන් තෙනුශ්කට රවන්න අමතක කරෙත් නෑ.
" කන්න වෙලාවක් ආවේ නෑ යකූ...break එකක් දුන්න ගමන්මයි මේ දුවගෙන ආවේ..තෝ දැන් තනියම clz එකේ මොකද..ඇයි තොට වැඩිපුර බුලත් දෙන්න ඕනේද ලැබ් එකට යන්න" එක හුස්මට වතුර එක හිස්කරපු තෙනුශ්ක ඇහුවේ තාම හිටගෙන ඩෙස් එකට හේත්තුවක් දාගෙන පපුවෙන් අත් දෙකත් බැදගෙන් ඉන්න අවීන්ගෙන්...
"උබ නැතුව මම යන්නේ නෑ කියලා උබ නොදන්නවා නෙමෙයිනේ..රෙද්දක් අහන්නේ" අවීනුත් ගේම අතාරින පාටක් නෑ වගේ..
"ඔලුව පොඩ්ඩක් අතගාපන්කෝ" තෙනුශ්ක ඇස් දෙකත් බෝල කරන් ආයේ අවීන්ට බටර් ගෑවේ අවීන් කියපුවා ඇහුනේ නෑ වගේ...
"ඔලුව තමා..උබට ඕක අතගාගත්තොත් ඇති.." අවීන්ට සිරාවටම මල පැනලද මන්ද කියලත් තෙනුශ්කට නොහිතුනා නෙමෙයි..ඒත් එහෙමයි කියලා තෙනුශ්කගේ කට වහන එකත් කරන්න අමාරු වැඩක් නෙමෙයි..කරන්න බැරි වැඩක්..
"තව ඔලුවක් තියනවා අතගාවගන්නත්..ඒත් මෙතන උබට පුලුවන්ව කියන එකයි අවුල..මට නම් කොහොමත් එකයි කියලා තෝ දන්නවනේ..උබට අවුලක් නැත්නම් මට ගේමක්ම නෑ කොල්ලෝ.." තෙනුශ්කයා ඇහිබැමත් උස්සන ගමන් නැගිටලා අවීනයා ගාවට කිට්ටු වුනා..
අවීන් කිසිදෙයක් ඇහුනේ නෑ වගේ "තෝ කන්නේ නැද්ද..වරෙන් මොනවා හරි බඩට දාගම්මු..යන්.." කියන ගමන් තෙනුශ්කයගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි ටික යැව්වා..ඒ තත්පර ගානට තෙනුශ්කගේ ඇස් දෙකත් පියවුනා..
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....