<< තෙනුශ්ක pov >>
අර අවීන් කියන බේසික පුත්‍රයාට කෝල් ගත්තට ආන්සර් කරන්නේ නෑනේ.කීයේ ඉදන් ද ඊයේ මම ගන්නේ..මේකාව මට ඇත්තමයි අහුවුනා නම් අමුවෙන් මරන් කනවා යකෝ..ඒ තරම් මට කේන්ති ඕයි.. ඊයේ එකෙක් ඇවිත් ඔලුව කෑවා..ඒ අස්සේ මේකා වෙනම බුලියක් කෙලිනවා.
මූට අම්මපා ඊයේ එනකනුත් කෝල් අරන් ඇවිතුත් කෝල් අරන් පාන්දරත් කෝල් අරන් මේ උදේ පාන්දරත් නැගිටපු ගමනුත් කෝල් අරන් හැ$මිනෙන්නේ මම උගේ මිනිහා නෙමෙයිනේ රෙද්ද..මේ ගස් වැද්දා එකකට ආන්සර් කරපිය..තොගේ 4න් එක රින්ග් වෙනවා කියන්නේ තෝ ලග පාත ඕක තියන් ඉන්නවනේ..මම නොදන්නවැයේ තෝ ගැන..ඕකට රෑ ටික්ටොක් බැලුවේ නැත්නම් නින්ද යන්නේ නැති ලෙඩක් තියනවා..ඒ කියන්නේ තෝ අනිවා මගේ කෝල් ටික දැක්කා..නොදැක්කා වගේ ඉන්නවා..කනවා තෝව මම..බේසික ඇට්ටර ගස් නරියා..
"බබා..10.30 වෙලාව..නැගිටින්න..තව 30මින්ට්ස් වලින් ඔයා මාත් එක්ක යන්න එන්න ඔනේ.."
හරිනේ..පුකේ අමාරුව..ඒ අස්සේ අම්මත් තියාගත්තා මායම් වෙන්න මේ උදේ පාන්දර..යකූ අද සෙනසුරාදා..ඉන්න දීපල්ල දෙයියනේ මට ටිකක්..අනිත් එක සේරම හරි මගේ 4න් එකේ වෙලව තාම උදේ 7.09 කියලා තියනවනම් මව්තුමියගේ ඔරලෝසුවේ කොහොමද 10.30 වුනේ..මෙව්වනේ මැජික්..වරෙල්ලා මැජික් දැකලා නැත්නම් පෙන්නන්න..වෙන කොහෙවත් නෑ තෙනුශ්ක සමරසිංහගේ ගෙදරින් විතරයි..එකම ගෙදර වෙලාවල් 2ක්..මාව කාපල්ලා යකූ මාව කාපල්ලා...
මම සේරම පැත්තක තියලා ශේප් එකේ ඇදෙන් බැස්සේ අර බේසික පුත්‍රයාව බලලා එන්න යන්න කියලා.ඕකා මැරිල ද දන්නේ නෑ..ඌ නම් මැරෙයි..මම එපැයි දවස් 7ක් කටු කන්න..අනේ තෝ බහු$කාපන් ඔටු ලබ්බෝ..උබ ආතල් එකේ වලකජ්ජ ගහන්න..අපි මෙතන නහින්න..අපි නෙමෙයි යකූ මම..මේ මම..
කොහොමත් ඊයේ ජෙහාන් අංකල්ගේ මූන සෙට් වුනෙත් නෑ මූ කලින් ගෙදර ගියා කිව්ව වෙලේ ඉදන්..පොර ගිහින් අවීනයට ගේමක් කෝල් කරා ද දන්නේ නෑ..වෙන්න පුලුවන්..අවීනයා මට කවදාවත් කියලා නැතිවුනාට මම දන්නවනේ ඔය ජෙහාන්කාරයයි මගේ එකායි සීතල යුද්දයක් ප්ලේ කරනවා කියලා..ඒත් කොච්චර ප්ලේ කරත් දිනන්නේ නම් මිස්ටර් ජෙහාන් තමා..මගේ ඔටු නරි පැටියා වලිගේ පු$කේ ගහන් හැංගෙනවනේ..උගේ තාත්තා තමයි..ඒත් යකූ අවීනයටත් ලයිෆ් එකක් තියෙන්න එපැයි..
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....