අවීන්ගේ අම්මා එක්ක කතාව ඉවර කරලා ආයේ ඇද ගාවට ආපු තෙනුශ්ක අවීන්ගේ කොන්ඩෙත් අතගලා නලලට කිස් එකකුත් දීලා ගිහින් තෙනුශ්කගේ 4න් එක අරන් බැල්කනි ඩෝ එක ඇරන් බැල්කනියට ආවා..එහෙම ඇවිත් තෙනුශ්ක කෝල් එකක් ගත්තා.
"අම්මා.."
"බබා..ඇයි මේ අවීට මොකද"
"අවීට උණ අම්මා..අද මම එයා ගාව ඉන්නම්..ඔයා ශොපින් කරලා ඉවර ද.."
"බෙහෙත් ගත්ත ද බබා අවීට..ශොපින් කරලා ඉවර ද කියලා ඔයා මේ අහන්නේ මාර කතාවක්නේ..දැනුයි මේ පටන්ගත්තේ.."
"ඩොක්‍ටර් දිසානායක ආවා අම්මා..එයා බෙහෙත් දීලා ගියා..හවස් වෙයි නේ ද අම්මා ඔයා ගෙදර එද්දී..මට ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනේ අම්මා.."
"ඇයි බබා මේ..ඉන්න මම එන්නම්..අවීගේ ගෙදරට හරි.."
"එපා අම්මා..එහෙම ලොකු දෙයක් නෙමෙයි..ඔයා ශොපින් කරලා එන්නකෝ..බායි"
තෙනුශ්ක 4න් එක තිබ්බේ එයාගේ හිතේ වද දිදී තියෙන ප්‍රශ්නෙකට උත්තරයක් තෙනුශ්කගේ අම්මගෙන්වත් දැනගන්න පුලුවන් වෙයි ද කියලා බලන්න හිතන්..
තෙනුශ්ක ආයේ කෝල් එකක්ගත්තේ එයාගේ තාත්තට..
"මිස්ටර් බුවනෙක ආ යූ බිසී රයිට් නව්??"
"යාහ් යාහ්..වයි වයි" තෙනුශ්කගේ තාත්තා හිනාවෙවීම උත්තර දුන්නේ තෙනුශ්කගේ හැටි දන්න හින්දමයි..
"මට හෙල්ප් එකක් ඕනේ තාත්තා.."
"ඇයි පුතා හදිස්සියක් ද.."
"නෑ නෑ ජෙහාන් අංකල් ඉන්නව ද ලගපාත.."
"දැන් නම් නෑ..මම හිතන්නේ කෝල් එකක..වයි පුතා"
"තාත්තා අවීන් අසනීපෙන්..මට තේරෙන්නේ නෑ ඇයි කියලා..ඒ වගේම තාත්තා ජෙහාන් අංකල් ගැන මට ගිල්ටි ෆීලින්ග් එකක් තියෙනවා..මට තාත්තා එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනේ.."
"අපි අද හවස් වෙද්දී එනවා..මම විතරයි ඒත්..ජෙහාන්ට මෙහේ වැඩ වගයක් තියෙනවා කිව්වා හැන්ඩ්ල් කරන්න..අපි කතාකරමු කොල්ලෝ..දැන් අර කොල්ලා ගැන බලන්න්කෝ පොඩ්ඩක්..විශාකාවත් නැතුව ඇතිනේ.."
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....