පැය 5ක විතර ගමනකට පස්සේ තෙනුශ්ක අවීන්ගේ අම්මා ඉන්නවා කිව්ව හොස්පිටල් එක ඉස්සරහ හිටියා.තෙනුශ්ක කාර් එක පාර්කින් එකට දාලා කල්පනා කරේ එයා හදිස්සි වුනා වැඩිවත් ද කියලා.ඉක්මන් තීරණ ගන්න කලින් මීට වැඩිය හිතුවනම් හොද ද කියලත් තෙනුශ්කට නොහිතුනා නෙමෙයි.ඒත් ආයේ හැරුනොත් තෙනුශ්කගේ පොඩි එකා තවත් වේදනා විදින දවස් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කියලා තෙනුශ්ක දන්නවා.මොනවා කරන්න ගියත් හිත හදාගන්න කියලා තෙනුශ්කට මේ වෙලාවේ ගන්න හිතුන එකම නම්බරේට එයා කෝල් එකක් ගත්තා.
රින්ස් ගොඩක් ගිහින් කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ඇති 4න් එක ආන්සර් වුනා."ඇයි"
"මම ආව කියන්න ගත්තේ.."
"ඉතින්..ගියා නම් වැඩේ කරගත්තනම් ආපහු ගෙදර වරෙන්..ඒත් බැරි නම් ඔහෙටම වෙලා ඉදපන්"
"තරහින් ද බන් තාම"
"ඒ මොකට ද...මම නිදාගෙන හිටියේ..මට නිදිමතයි.නිදාගන්න ඕනේ මට"
"එහෙම ද..එහෙනම් නිදාගනින්..මම තියනවා"
"කවුද දැන් උබට තියන්න කිව්වේ"
"උබට නිදාගන්න ඕනේ කිව්වේ තියන්න ඕනේ කියලා නොකියනේ"
"නිදාගන්නවා වෙනයි..4න් එක තියනවා වෙනයි"
"එල්ලෙන්න එපා බන්..මට ඩ්රයිව් කරලම මහන්සි.."
"උබට මෙතන මට කෑගහගෙන යන්න ලේසි..ලෙඩා වුන මාවත් දාලා ගියා උබ..තව මොනව ද කියන්නේ.උබට මෙ---"
"උබට මාව වදයක් ද බන්..හ්ම්ම්ම්"
"මො- මොක-ක්ද උබ කියන්නේ"
"නෑ උබ ඔහොම කියද්දී මට හිතෙන්නේ මාව උබට දැනටම එපා වෙලා කියලා බන්..රිදෙනවා හු$ත්තෝ"
"කැ$රි කතා කියන්න තියාගන්න එපා උබ..ඔහොම කියද්දී උබට වැඩිය රිදෙන්නේ දැනටම මගේ මුලු ලෝකෙම උබව කරන්න ඉන්න මටමයි බන්..මම තියනවා..කරන්න ගියේ වැඩේ හරියට කරගනින් හරි ද..ඔහෙන් එන්න කලින් මට මැසේජ් එකක් හරි තියපන් එනවා කියලා..බලන් ඉන්නවා මම..පරිස්සමින්.."
"උබත් පරි----" තෙනුශ්ක කියලා ඉවද කරන්නත් කලින් කෝල් එක කට් වෙලා ඉවරයි.' කමක් නෑ මැනික උබ වෙනුවෙන්නේ මේ හැමදේම '..තෙනුශ්ක එහෙම හිතලා ආයේ නම්බර් එකකට කෝල් එකක් ගත්තා.
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....