"මොකක් ද ඒ කියපු කතාව බන්. අංකල්ගේ මූනත් එක්ක කලු වුනා"
"මොකක් ද. ඒ උබ කාගේ කවුද කියලා අංකල්ට කියලා දුන්නේ."
"ඇයි ඒ"
"යකූ ඇයි ඒ කියන්නේ බන් මීහරකෝ. ඒ මනුස්ස්‍යා ඇවිත් තාම ටික කාලයයි. අනිත් එක ඉස්සරහට උබට එහෙ මෙහෙ යන්න වුනත් ඕනේ වෙනවානේ.. ඒ හින්දා දැනගෙන ඉදහන්"
"මට ලාල් ඉන්නවනේ"
"අම්මටසිරි ඒ ලව් එක. නටන්නේ නැතුව ඉදහන්. මම යනවා රූම් එකට. වරෙන්"
"ටිකකින් එන්නම්. මොනවා හරි හදලා දෙන්න ද බොන්න"
"එපා සුදූ. බඩ පිරිලා. ඇලට් එකක් දාන්න ඕනේ"
"ටිකකින් එන්නම්"
"මම කැපුනා බොසා"
තෙනුශ්ක එහෙමම එයාගේ රූම් එකට යන්න පඩිපෙල නගින්න ගත්තා. අවීන් සාලේ තිබ්බ සෝෆා එකේ ඉදගෙන 4න් එක ඔබන්න ගත්තා. තවත් විනාඩි 2ක 3කින් විතර තෙනුශ්කලගේ අම්මා ඇවිත් එලියට ගිහින් පියතිස්ස අංකල් එක්ක කතාකරනවත් ඇහුනා අවීන්ට. ටිකකින් ගෙට ඇවිත්
"අවී යන් කිචන් එකට. කෝ හාමු මහත්තයා ඒ සැරේ"
"නිදාගන්න කියලා ගියා. ආවේ පාන්දරනේ. ඒ ඇවිත් වොශ් දාලා කාලා අනිත් පැත්තට මෙහේ ආවානේ"
"ආ මටත් මැසේජ් එකක් දාලා තිබ්බ තමා. මේ තාත්තයි පුතයි බිස්නස් කිව්වොත් මැරෙයි බබා. මට තේරේන්නේ නෑ අප්පා. බැන්ද දවසක ගේන ලේලි නම් ඉදි මේන් කියලා. මම ඉවසුවට දැන් කාලේ ලමයි ඔහොම ඉවසන්නේ නෑනේ බබා. තෙනුශ්කට ඕනේ මගුලක් කරගන්න කියලා යයි යන්න. බුවනෙකටත් මම කිව්වා මේ වැඩ වලින් තෙනුශ්කව පොඩ්ඩක් රිලීස් කරන්න කියලා. අහන්නේ නෑනේ මෙයාලා මම කියන දෙයක් අවී. අනේ මන්දා."
අවීන්ට අවසාන ටික නම් ඇහුනේ නෑ කියන්න සීයට දාහක් ශුවර්. ලේලි කියන වචනෙන් පස්සේ තෙනුශ්කගේ අම්මා මොනව ද කිව්වේ කියලා අවීන්ගේ ඔලුවට ගීයේ නෑ.
'ලේලී' ඔව් ඉතින් ඕනම අම්මෙක් තාත්තෙක් බලන්නේ තමන්ගේ පුතාට නෝනෙක් ගෙදරට ලේලියෙක් නැත්තම් තමන්ගේ දුවට මහත්තයෙක් ගෙදරට බෑනෙක්. ඕක තමා සිස්ටම් එක. මේක ලංකාව. තාම වසර 2500ක් ඔලුව උඩ තියන් ඉන්න ලංකාව. අවීන්ලා තෙනුශ්කලා යන්තම් අලුත් ලෝකේ එක්ක හැඩගැහුනට කොච්චර වුනත් එයාලගේ අම්මලා තාත්තලා කලින් ජෙනරේශන් එකේ මිනිස්සු.
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....