අවීන් දිහා බලන් ඉදපු තෙනුශ්ක ආයේ එයාගේ 4න් එක අරන් නිදන් ඉන්න අවීන්ගේ 4ටෝ එකක් ගහගත්තා..ඔව් ඔව් බර්ත්ඩේ එකටවත් දානවා ඔන්න ඔහේ දැන් ගැහුව එකේ..4ටෝ එක ගහගත්තේ බර්ත්ඩේ එකට විශ් කරලා දාන්න විතරයිලු ඔන්න..
වෙලාව බලපු තෙනුශ්ක දැක්කේ වෙලාව දැන් රෑ 8.30ටත් කිට්ටු වෙලා තියෙනවා කියලා. අවීන් දවල් බත් කෑවට පස්සේ මුකුත් කාලා බීලා නෑ කියලා මතක් වුනු හින්දා, තෙනුශ්ක තීරනය කලා පව් වුනත් මේ නිදි කුමාරයව ඇහැරවන්න...
"අවීන්..අවීන්..බන් නැගිටහන්..10ත් කිට්ටු වෙලා බන් දැන්..නැගිටපන්.." තෙනුශ්ක අවීන්ගේ අතකට තට්ටු දදා කිව්වත් අවීන් කරේ තව ටිකක් ගුලි වුන එක විතරයි..
'උබ කවද ඉදන් ද බන් මෙහෙම හුරතල් වෙන්න තියාගත්තේ..' තෙනුශ්කගේ හිත එහේ මෙහේ දුවන්න ගත්තා. සමහරවිට අවීන් වෙනදත් මෙහෙම හුරතල් පොඩි එකෙක් වෙන්න ඇති..හැබැයි තෙනුශ්කට ඒක නෝට් වුනේ අද වෙන්නත් පුලුවන්.
"නැගිටපන් යකූ..කාලා ඇවිත් නිදාගම්මු..මෙහෙ වරකෝ.." ඒසැරේ නම් අවීන් ඇස් 2ක ලාවට ඇරියේ තෙනුශ්ක ඇදෙන් බැහැලා නිදන් ඉන්න අවීන්ගේ කකුලකින් බිමට අදින්න ගත්ත හින්දා..
"කාලා ඇවිත් නිදියමු බන්..නැගිටපන් බන්..තෝ මහ නිදිකුම්බරයෙක්නේ..මෙහෙ වර..හැබැයි තෝ බැස්සේ නැත්නම් සත්තයි උබව බිමට ඇදලා දානව මම"
"ටි..ක..ක් ඉ..න්..න දි..ය..න් බ..න්" අවීන් නිදිමත බේරෙන කටහඩින් මිමිනුවා..
"ටිකක් ඉන්න දෙන්න තිබ්බා..මට බඩගිනි වුනේ නැත්නම්..උබට බඩගිනි නැතිවුනාට මට බඩගිනි හින්දා උබව ඇහැරුවේ"
"උ..බ..ට බඩගිනි වුනා ද..කලින් ඇහැරවන්න තිබ්බනේ බන්..නැත්නම් උබට ගිහින් කාලා එන්න හරි තිබ්බනේ බන්.."
තෙනුශ්කට පොඩි බඩගින්නක් නොතිබුනාම නෙමෙයි..ඒත් තව ටිකක් ඉන්න පුලුවන්කම තිබ්බා.ඒත් අවීන්ට බොරු කියලා හරි ඌව ඇහැරවගන්න ට්රයි කරේ දවල් ඉදන් අවීන් කාලා හිටියේ නැති හින්දා දැන් අවීන්ගේ බඩට මොනවා හරි දැම්මේ නැත්නම් උදේට ගෑස් වැඩිවෙලා දගලන හින්දා..
"තෝ මෙතන අපතයා පොලේ ගහලා වගේ දපලා ඉද්දී මට යන්න බෑනේ..වර යන්න"
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....