යන්තම් අවීන්ගේ කම්මුල තවලා අයිස් බෑග් එකත් අරන්ම තෙනුශ්ක බාතෲම් එකට රින්ගගත්තේ මේ වෙද්දීත් පාන්දර 5ටත් කිට්ටු කරලා තියෙනවා කියලා 4න් එක අරන් බලද්දී දැක්ක හින්දා. ඒ ක්ශනිකව අම්මට මැසේජ් එකක් දාලා එයා අවීන්ලාගේ ගෙදර ආවා කිව්වා. නැත්නම් අම්මත් ඕකට වලියක් අදිනවා කියලා තෙනුශ්ක නොදන්නවැයැ. අවීන්ට තෙනුශ්ක වොශ් දාගෙන එනකම් කන්න කිව්වත් මේකා නෙමෙයි ඇහුවේ. තෙනුශ්ක නාගෙන ආවහම කමු කිය කිය මායම් වුන හින්දා තෙනුශ්කත් දඩිබිඩි ගාලා ඇවිත් වොශ් දාගෙන රූම් එකට ආවා. එද්දී අවීන් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ගේම් එකක් ප්ලේ කරනවා ටැබ් එක අරන්. තෙනුශ්ක ට්රවල් එක පිටින්ම මේසේ ලගට ඇවිත් නූඩ්ල්ස් එක දිගෑරගෙන ඔම්ලට් දෙකත් ඒකෙන්ම තියන් අවීන් ගාවට ආවා.
"කමුකෝ"
"හ්ම් හ්ම්"
"හ්ම් හ්ම් නෙමෙයි බන්.. මට බඩගිනි.. කමුකෝ.. වරෙන් ඕක පැත්තකින් තියලා"
අවීන් නෙමෙයි ගේම් එකෙන් ඔලුව ඉස්සුවේ. තෙනුශ්ක කමුකෝ ගාගා නුඩ්ඩ්ල්ස් එක උස්සන් අවීන් ගාවට ආවේ අවීන්ට කියලා කවාගන්න. ඒත් අවීන් නෙමෙයි ගානකට ගත්තේ. කොහෙද ඉතිම් ගේම් එකක් ලොකු වෙලානේ.
"මහන්සි බන්.. වරෙන්කෝ කාලා නිදාගන්න.. ඊයේ දවල් කාලා ගියාට පස්සේ බඩට හරියට මුකුත් වැටුනේ නෑ"
"උබ කාපන්කෝ බන්. මේක තව පොඩ්ඩයි..ඒක ඉවර කරලා මම එන්නම්කෝ.."
තෙනුශ්ක මෙච්චර කන් කෙදිරි ගාලත් අවීන් නෙමෙයි ගානකට ගත්තේ. තෙනුශ්කගේ හිතට දැන් නම් ඉදිකටු 100කින් විතර අනිනවා වගේ හැගීමක් ආවා. ඇයි බන් මෙච්චර කරලත් මූ මට මෙහෙම කරන්නේ කියලා තෙනුශ්කට හිතුන එකේ පුදුමයක් නෑ. සමහරවිට අවීන්ට කම්මුලට ගහපු එකට අවීන් පිටට පෙන්නුවේ නැතුවට හිතෙන් කේන්තියෙන් ඇති කියලා තෙනුශ්කට හිතුනා.
තෙනුශ්ක මුකුත් නොකියා ආයේ නූඩ්ල්ස් එක මේසෙන් තියලා කබඩ් එකෙන් ශෝට් එකක් අරන් ඇදගත්තේ තාම හිටියේ ට්රවල් එක පිටින් හින්දා. ආයෙත් මේසේ ලගට ඇවිත් නූඩ්ල්ස් එක අරන් අවීන් ගාවට ඇවිත්,
"දැන් උබට කන්න බැරි ද සුදූ.."
"පස්සේ පස්සේ..මේකේ තව ටිකයි" තෙනුශ්ක ආයේ මුකුත් අහන්න ගියේ නෑ. මිනිහෙක්ටත් රිදෙන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නට පස්සේ මොකක් වෙයිද කියලා දන්නේ ඒ රිදෙන මනුස්සයාම තමා. තෙනුශ්කටත් දැන් වෙලා තිබ්බේ ඒ වගේ දෙයක්.
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....