"Ahh H- hy Yewon"
අවීන් 4න් එක කනේ තියාගෙනම හායි කිව්වා වුනාට ඊලගට මොකද්ද කරන්න ඕනේ කියලා ගලපගන්න බැරිව හිටියේ.
"අයියා..Are u busy"
"නෑ මල්ලි..ඇයි"
"මට අයියා එක්ක ටිකක් කතාකරන්න පුලුවන් ද"
"මොකක් ගැනද යෙවෝන්" අවීන්ට නොදැනුනා නෙමෙයි යෙවෝන් මේ කතාකරන්න හදන්නේ තෙනුශ්ක ගැන මොනවාහරි කියලා.නැත්නම් යෙවෝන්ට කිසිම හේතුවක් නෑ අවීන්ට ගන්න.අවීන්ට දැන් කල්පනා වෙන්න ගත්තා ඊයේ ඩිනර් එකෙන් එයා කලින් ආවට තෙනුශ්ක යෙවෝන් එක්ක නැවතුනා කියලා.අනිත් එක යෙවෝන් askout කරෙත් අවීන් ඉන්න තැනමයි.හැබැයි තෙනුශ්ක මොකක් කිව්වද කියලා අවීන් දන්නේ නෑ වගේම මේ සේරම අස්සේ එකපාරට තෙනුශ්ක අවීන්ගෙන් askout කරපු එකත් අවීන්ට දැන් දැන් ලොකුවට හිතට දැනෙන්න අරන් තිබුනා.
"තෙනු අයියා ගැන" අවීන්ට හිතුනා හරියටම හරි.
"මොනවා ගැනද යෙවෝන්"
"තෙනු අයියාගේ දැන් පාට්නර් කවුද අයියා" අවීන් එකපාරට ගැස්සුනාදත් මන්දා.තෙනුශ්කගේ දැන් පාට්නර්.ඒ කියන්නේ තෙනුශ්ක එයාට මේ වෙද්දී පාට්නර් කෙනෙක් ඉන්නවා යෙවෝන්ට කියලා කියලවත් ද කියලා අවීන්ට හිතුනා.ඒත් කවු ද ඒ. මොකද ඊයේ රෑ යෙවෝන්ට තෙනුශ්ක පාට්නර් කෙනෙක් ගැන කිව්වනම් ඒ අවීන් නෙමෙයි කියන්න අවීන් දන්නවා.මොක ද තෙනුශ්ක අද උදේනේ අවීන්ගෙන් askout කරේ.
"මම දන්නේ නෑ මල්ලි.තෙනුශ්කයා මට එහෙම කියලා නෑ කාගැනවත්"
"බොරු කියන්න එපා අයියා.එයා ඔයාට නොකියන දෙයක් නෑනේ.last night he says his partner is the best one"
"What the hell is this Yewon.I dont know anything about thenushka's partner.." අවීන්ට දැනුනේ හෙනම කෙන්තියක්.ඒ එයා එක්කමද නැත්නම් තෙනුශ්ක එක්ක ද එහෙමත් නැත්නම් යෙවෝන් එක්ක ද කියලා අවීන්ට තේරුනේ නෑ.හැබැයි අවීන්ට සෑහෙන දුකයි.ඒ තෙනුශ්ක කරපු බොරුවට.යෙවෝන්ට තෙනුශ්කට පාට්නර් කෙනෙක් ඉන්නවා කියල තියෙද්දිත් ඇයි ඇවිත් අවීන්ගෙන් එයාගේ පාට්නර් වෙන්න කිව්වේ.ඒක අවීන්ට රිදුනා වැඩි.එක්කෝ තෙනුශ්ක අවීන්ව ජෝක් එකකට අරන් ද.අවීන්ට එහෙමත් හිතුනා.තෙනුශ්කට එහෙම නොකර ඉන්න තිබුනා.දැනුත් අවීන්ට ලෙඩ තියෙද්දිත් දමලා ගහලා යන්න ගියේ සමහරවිට තෙනුශ්කට වෙන කෙනෙක් ඉන්න හින්ද ද..එයාව මීට් වෙන්නවත් ගියා ද.අනිත් එක අවීන්ට එහෙම හිතන්න සාදාරන හේතු තිබුනා.මොකද අවීන් වගේ නෙමෙයි තෙනුශ්ක ආශ්‍රය කරන පිරිස වැඩි.ඉතින් තෙනුශ්කට ඕනේ තරම හැකියාව තිබ්බා වෙන ඕනේ කෙනෙක් එක්ක affair එකක් පටන්ගන්න වුනත්.අවීන් හෙන නූල් බෝලෙක ගැටගැහිලා හිටියා.
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....