Chapter 26

7 0 0
                                    

තෙනුශ්කගේ, අවීන්ගේ ජීවිතවල කිසිම අලුත් දෙයක් වෙන්නේ නැතුව නිදහසේ සති 03ක් විතර යන්තම් ගෙවිලා ගියා. නිදහසේ කිව්වට ඇත්තටම නිදහසක් කියලා තිබ්බේ අවීන්ට විතරයි. තෙනුශ්ක නම් උදේ ඉස්කෝලේ, හවස ක්ලාස්, නැත්නම් බුවනෙකගේ වැඩවලට කොහේ හරි හොටෙල් එකක හරි ඔෆිස් එකක හරි. 
අවීන්ට නම් ඒ ප්‍රශ්න කිසිම දෙයක් නැතුව ඔහේ ක්ලාස් යන්නයි, කන්නේ මොනව ද කියලා කල්පනා කරන්නයි, පාඩම් කරන්න කියලා ගන්න පොතක් බදන් නිදාගන්නයි, ඊලග විනාඩියේ කාව ද තරහ ගස්සන්නේ කියලා ප්ලෑන් කරන්නයි කියලා ඇරෙන්න වෙන වැඩ තිබ්බේම නැතිතරම්.

මේ සති 03නේ විශේශ දේකට කියලා වුනේ විශාකා හොස්පිටල් වැඩ ටික සෙට්ල් කරලා ආයේ ගෙදර ආපු එක විතරයි. ඒකට වැඩිපුරම සතුටු වුනේ අවීන් වුනාට හැමදේම දැනන් හිටිය තෙනුශ්කට ඒකෙන් වුනේ තවත් ඔලුවටයි හිතටයි බරක් එකතු වුන එක විතරයි. තෙනුශ්ක ඒක වැඩිය අවීන්ට පෙන්නන්න ගියේ නැත්තේ ඔය මොනවා කරත් තෙනුශ්කගේ පොඩ්ඩ වෙනස් වීමත් අවීන්ට ටග් ගාලා මීටර් වෙනවා කියලා දන්න හින්දා.

නැතත් විශාකා ගෙදර එනවා කිව්ව කියලා අවීන් හෙන සතුටින් තෙනුශ්කට කෝල් කරලා කිව්ව වෙලාවෙම තෙනුශ්කගේ කටහඩ පොඩ්ඩක් ස්ටක් වුන එක පවා අවීන් නෝට් කරගත්තා. වැඩ අස්සේ ඔලුව රිදෙනවා කියලා තෙනුශ්ක ඒ වෙලාවේ අවීන්ගෙන් ශේප් වුනත් තෙනුශ්ක වුනත් බය වුනා කවදා කොහොම මේ දේවල් එලියට එයිද කියලත් අවීන්ගේ මේ ඉව හින්දා.

තෙනුශ්කට හිතට ගොඩක් බර දැනුනේ, විශාකාට දැණුනොත් තෙනුශ්ක , ජෙහාන් දෙන්නා එයාගේ ලයිෆ් එකට කරදරයක් වෙයි කියලා විශාකට අවීන්ව ඇපේට තියන්න හරිම ලේසී කියලා. අනිත් එක පොඩි කාලෙන් පස්සේ විශාකා වුනත් අවීන්ට කරදර නොකරන්න ඇත්තේ ජෙහාන් කියන කැරැක්ටර් එක එයාගේ පාත් එකෙන් හිමීට අයින් වුන හින්දා වෙන්නත් පුලුවන් වුනාට මේ වෙද්දී තෙනුශ්ක පරන යට ගිය දේවල් ආයේ උඩට ඇදලා හින්දා විශාකා ඊලග ඔප්ශන් එක විදිහට මොනවා කරයිද කියලා තෙනුශ්කට හිතාගන්න බැහැ.

තෙනුශ්කට එක වෙලාවකට හිතුනා අවීන්ගේ හොදට කියලා හිතන් වුනත් එයා මේ දේවල් දුර අරන් ආවා වැඩිද කියලත්. මේවා මේ විදිහට යට ගියානම් හරි කියලා තෙනුශක්ට දැන් හිතෙන්න අරන් තිබුනා. ඒත් අනිත් පැත්තෙන් බලද්දී මේ දේවල් හැමදාටම රහසක් විදිහට තිබ්බොත් හැමදාම විදවන මිනිස්සුන්ට විදවන්න වෙනවා විතරක් නෙමෙයි කවදාවත්ම සාදාරනයක් වෙන්නෙත් නෑ කියලා තෙනුශ්කට හිතුනා. 

AmorEWhere stories live. Discover now