Chapter 25

13 2 18
                                    

තෙනුශ්ක රූම් එකට එද්දිත් තාම සබන් බෝල බබා බාතෲම් එක ඇතුලේ. කොහොමත් ඒ අදාල පාර්ශවය එලියට එන්න තව වෙලා යනවා කියලා දන්න හින්දම තෙනුශ්ක ෆෝන් එකත් අරන් බැල්කනියට ආවා. තෙනුශ්ක නිදන් ඉද්දී ආවා කිව්ව කන්ටෑක් එක හොයන් තෙනුශ්ක කෝල් බැක් කරලා 4න් එක කනේ තියාගත්තා. 03 සැරයක් විතර රින්ග් වෙද්දී එහා පැත්තෙන් 4න් එක ආන්සර් වුනා.

"බොසා"

"උබ කෝල් එක ගනිද්දී මට නින්ද ගිහින් බන්."

"අවුලක් නෑ කොල්ලෝ. මම ගත්තේ අර හාදයා ගැන අප්ඩේට් එකක් දෙන්න"

"මොක ද ඌ කරන්න වගේ ලයින් කරන්නේ"

"ආරංචියේ හැටියට නම් පොර තව මාසයක් ඇතුලත ආපහු යන ලයින් එකක් තියෙන්නේ. ඒත් මූ මේ සැරේ ඇවිත් තියෙන්නේ නම් නිකන්ම වෙන්නත් බෑ බන්. උබ නොදන්නවා නෙමෙයිනේ උගේ අප්පා, බාප්පා, මහප්පා කියන හත්මුතු පරම්පරාවම හොද ගේම්කාරයෝ කියලා. මූගේ ඇගේ තියෙන්නෙත් ඒ ජානමනේ."

"මට ගේමක් කෝල් කරයි ද"

"උබට ඩිරෙක්ට් එන්නේ නෑ බන්. ඌට එච්චර ගට් එකක් නම් නෑ. ඒක මට ගැරන්ට් කරහැකි. හැබැයි උබ එදා ඌට දීලා තියෙන ටෝක් එකට ඌ සද්ද වහලා ඉදී කියන්නත් බෑ"

"මොනවා කරයි වගේ ලයින් එකක් ද උබ හිතන්නේ"

"උබ එදා ඌට කිව්වලු නේද උබේ ලව් එක ගැන. ඌට උබට ඇටෑක් කරනවනම් තියෙන එකම පොයින්ට් එක ඒක. ශුවර් ශොට් ඕකා ගේම කෝල් කරන්නේ උබේ කෑල්ලට. ඒකිට කියපන් මේ සිද්දි. නැත්නම් උබ කෑල්ල එක්ක පොඩ්ඩක් ඇලට් එකේ ඉදපන් මේකා මෙහෙන් ගියා කියලා අපේ රොයිටර් වලට අහුවෙනකම්"

"ඕකාට එච්චර දෙයක් කරගන්න පුලුවන් වෙයි ද බන්"

"ඌට බැරිවුනාට උගේ මහඑවුන්ට බැරි නෑනේ හු$ත්තෝ. සද්ද වහලා ඉදු ඒ හින්දා. ගොන් ප$කයා ඌට මුලු ජාතකේම දිගෑරලා ඇවිල්ලානේ. ඒ හින්දා ඌ දැන් පුක කැඩිච්ච කඩියා වගේ උබේ කෑල්ල මොකීද කියලා හොයනවා ඇති යන්න කලින් ගේමක් දීලා යන්න"

"බලමුකෝ. ඌ රගන්න ඕනේත් අපි රගන ඒරියා එකේමනේ"

"ඔව්. පොඩි කැ$රියා ගැන බලාගම්මුකෝ. අපිත් හොද එවුන් නෙමෙනේ බන් ඉතින්. ඌ එන්නේ කොහොම ද අපිත් ඒ විදිහට ගේම ගහමු. තෝ බේ$සාවා නිකමට කිව්වේ නෑ අලුත් එකී ගැන අපිට. හැබැයි අර වටේ එවුන්ට නම් දීගෙන ගිහින්"

AmorEWhere stories live. Discover now