Chapter 22

11 4 16
                                    

"අ- ඇ-ති අ- ඇ-ති වදේ.. බ-ඩ පිරි-ලා තියෙන්-නේ"

තෙනුශ්ක කටේ බත් ගුලියක් තියන් බොහොම අමාරුවෙන් ඒක හිරකරගන්නේ නැතුව කියාගත්තා. අවීන් කවනවා කවනවා ඉවරයක් නෑ. තව ටිකයි තව ටිකයි කිය කිය දැන් බත් පිගන් එකයි අනිත් පිගානෙනුත් බාගයක්ම කැව්වා. අවීනුත් ඒ අස්සෙන් තෙනුශ්ක කෑගැහුව හින්දා යන්තම් කටක් දෙකක් ඔබාගත්තා. එච්චරයි.

"තව ටිකයිනේ. කාලා ඉන්නකෝ."

"තව ටිකක් කියන්නේ මේක හරි වැඩක්නේ. ඉතුරු ටිකත් කෑවහම බත් පිගන් දෙකක් ගිල්ලා වෙනවා මම. උබට එතකොට හුලං තමා."

"හුලං හරි මොනවා හරි. මේක අවසාන කට.. කෝ කට අරින්න"

යන්තම් අවීන් තව කටක් ඔබාගත්තා තෙනුශ්කගේ කට ට. තෙනුශ්කත් ඒ බත් කට ඉක්මනට ගිලලා සෝෆා එකෙන් නැගිටලා අවීන් ලගින් මීටරේ පරතරේ තියන එහාට වුනා. නැත්නම් අවීන් ඔය කොච්චර අවසාන කට කිය කිය හරි තව කටක් ගිල්ලවන්න බැරි නෑ. 

"දැන්වත් කනවකෝ සුදූ. මට ගිල්ල ගිල්ල ඉන්න දගලන්නේ. කෝ කෝ කනවා. ආ ඉන්න තව බත් ටිකක් දාන් එන්න..කෝ දෙන්න ප්ලේට් එක මට"

තෙනුශ්ක එහෙම කියලා අවීන් අතේ තිබ්බ ප්ලේට් එක ඇදලා අරන් කුස්සිය පැත්තට චුත වුනා ආයේ. අවීනුත් හිස් වෙලා තිබ්බ ප්ලේට් එකත් අරන් තෙනුශ්ක පස්සෙන් ගියා.

"කාලා ඉවර ද. අන්න ෆ්‍රිජ් එකේ ජෙලි එකක් තිබ්බා.. කන්න"

"මම විතරයි කෑවේ. මේකා තව කාලා නෑ"

"අවී... බබා.. කන්නේ නැද්ද දරුවෝ"

"මේ කන්න යන්නේ ආන්ටි"

"මූ මට කව කව හිටියට මූ කෑවේ නෑ අම්මා. බත් ටිකක් දාගෙන යන්න ආවේ"

"ඔය තියෙන්නේ තව. බෙදන් කන්න දරුවෝ"

තෙනුශ්ක ගිහින් රයිස් කුකර් එක ඇරලා ආයේ  බත් ගොඩාක් බෙදුවා ප්ලේට් එකට.

"ඔච්චර වැඩි. කන්න බෑ මට ඔච්චර.. ජිම් ගියෙත් නෑ දැන් දවස් ගානකින්.. ඒ හින්දා ඔච්චර බෙදන්න එපා තෙනුශ්ක"

තෙනුශ්ක ඩග් දාලා අර බත් බෙදපු ප්ලේට් එක ප්‍රැන්ටිය උඩින් තිබ්බා. තියලා ඇස් වලින් ගිනි පිට කර කර වගේ අවීන් දිහා බැලුවා.

AmorEWhere stories live. Discover now