තෙනුශ්කයි අවීනුයි අතර තිබ්බ නිශ්ශබ්දේ කොච්චර ද කියනවනම් ඔන් කරලා තිබ්බ A/C එකෙන් ආව හුලන් පාරේ සද්දෙත් හොදට ඇහුනා..
තාම ඇදේ ඉදන් බාගෙට උරහිස් වලින් හැරිලා තෙනුශ්ක දිහා බලන් හිටපු අවීන්ව තෙනුශ්ක හරියට එයාගේ පැත්තට හරවගත්තා. ඒ කරලා අවීන්ගේ ඔලුව තෙනුශ්ක එයාගේ බඩට තදකරගත්තා.අවීනුත් කිසි දෙයක් නොහිතා එයාගේ අත් දෙක තෙනුශ්කගේ ඉන වටේ පටලවගත්තා.
"උබ කිසිදේකට බය වෙන්න එපා බන්..උබට ඕනේ තැනක ඕනේ වෙලාවක මේ තෙනුශ්කයා ඉන්නවා..උබ එදා ඉදන්ම මම ගැන දන්න එකා විතරක් නෙමෙයි මාව ඔනේම තැනකදී හරියට තේරුම්ගත්තා එකම එකා"තෙනුශ්ක එහෙම කියන ගමන්ම අවීන්ගේ තෙත කොන්ඩේ අස්සේ එයාගේ ඇගිලි ගෙනිච්චා.
ඒ සනීපෙට අවීන් ඇස් 2කත් පියාගත්තා.තෙනුශ්කට දැනුනා එයාගේ බඩේ මැද හරියට වගේ වෙන්න මොකක් හරි සීතල දෙයක් ක්ශනිකව තද වෙලා ඈත් වුනා වගේ කියලත්..
තෙනුශ්කගේ බඩ අස්සේ මූන හංගන් වගේ හිටිය අවීන් එයාගේ මූන අහකට අරන් තෙනුශ්ක දිහා බැලුවා.
"ආයේ ඔය වගේ මෝඩ කතා අහන්න තියාගන්න එපා උබ..උබත් දන්නවනේ උබේ තැන දෙන්න කියලා එකෙක් මට මෙච්චර කල් හම්බවෙලා නෑ කියල..ඉස්සරටත් ඒක වෙනස් වෙන්නේ නෑ..උබව මට වටිනවා උබට උබව වටිනවත් වඩා..ඒක විතරක් මතකතියාගනින්." තෙනුශ්ක අවීන්ගේ ඇස් දෙක දිහාම බලන් කිව්වා..සාමාන්‍යෙන් ඇස් දිහා කෙලින් බලන් බොරු කියන්න බෑ කියලා ඉස්සර කවුදෝ කාටද කියලා තිබ්බා.
බැරිවෙලා හරි කවුරුහරි දැක්කනම් තෙනුශ්කයි අවීනුයි මෙහෙම ඉන්නවා ඒ දැකපු මනුස්සයන්ට හාර්ටඈටක් එක පිට එක එන්න තිබ්බා.මොකද තෙනුශ්ක අවීන් කියන මිනිස්සු දන්න චරිත දෙක හරි අහංකාර සීතල චරිත 2ක් වුනා..මේ දෙන්නට මෙහෙම සොෆ්ට් වෙන්න පුලුවන් බව අඩුම අවීන්ගෙවත් තෙනුශ්කගේවත් අම්මලා තාත්තාලා වුනත් විශ්වාස කරන්නේ නෑ..
ඒ තරම්ම තද ගති තිබුන තෙනුශ්ක අවීන්, ඒ දෙන්නට ඒ දෙන්නගෙන්ම විතරක් නිවෙන්න පුලුවන් කියලා දැනන් හිටියද කියලා දන්නෙත් ඒ දෙන්නම විතරක් වුනා..
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....